Image Not Found

Superman/Batman: Apocalypse (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හිතාගන්නවත් බැරි වෙලාවක ගෝතම් නගරයට අමුතු යානාවක් කඩන් වැටෙනවා. බැට්මෑන් ගිහින් බලද්දී, ඒක ඇතුළේ ඉන්නේ අවුල් වෙලා, බය වෙලා ඉන්න තරුණ කෙල්ලෙක්. හැබැයි මේ කෙල්ල නිකම්ම කෙල්ලෙක් නෙවෙයි. එයාට තියෙන්නේ සුපර්මෑන්ට තියෙන වගේම අදහාගන්න බැරි බලයක්.

වැඩි වෙලාවක් යන්න කලින් සුපර්මෑන් එතනට එනවා. එතකොට තමයි දන්නේ මේ ‘කාරා’ කියන්නේ සුපර්මෑන්ගෙම නෑදෑයෙක්, ක්‍රිප්ටෝන් වලින් ආපු තවත් කෙනෙක් කියලා. සුපර්මෑන් හදන්නේ එයාව බලාගන්න, ඒත් බැට්මෑන්ට නම් මේ අලුත් කෙනාව පොඩ්ඩක්වත් ෂුවර් නෑ.
මේ අතරේ, වොන්ඩර් වුමන්, කාරාව එයාගෙ දූපතට අරන් ගිහින් එයාගෙ බලය පාලනය කරන්න පුහුණු කරනවා.

ඒත්, මේ හැමදේම දිහා විශ්වයේ අඳුරු කෙළවරක ඉඳන් කෙනෙක් බලන් ඉන්නවා. ඒ තමයි බලවත්, දුෂ්ට Darkseid. Apokolips ග්‍රහලෝකයේ පාලකයා.

Darkseid ට කාරාව එයාගෙ හමුදාවේ නායිකාව කරගන්න ඕන වෙනවා. එයා කාරාව පැහැරගෙන Apokolips වලට අරන් යනවා.

දැන් සුපර්මෑන්, බැට්මෑන්, වොන්ඩර් වුමන් තුන්දෙනාටම සිද්ධ වෙනවා එයාව බේරගන්න අපායක් වගේ තියෙන ඒ ග්‍රහලෝකෙට යන්න. ඒත් එහෙට ගියාම එයාලට දකින්න ලැබෙන්නේ එයාලා දන්න කාරාව නෙවෙයි. Darkseid ගෙ බලයට සම්පූර්ණයෙන්ම යටත් වුණු, එයාලටත් වඩා බලවත් ‘සුපර්ගර්ල්’ කෙනෙක්ව. මේ තුන්දෙනාට මේ මහා විනාශය නවත්තලා කාරාව ආපහු ගේන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.