
Taken at a Basketball Game (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න යාලුවනේ, මේ කතාව පටන් ගන්නේ තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන සම්බන්ධය හදාගන්න කරන උත්සාහයකින්.
වේන් කියන තාත්තා, තමන්ගෙන් ඈත් වෙලා ඉන්න 18 හැවිරිදි රොබින් කියන දුවව සතුටු කරන්න හිතලා, දෙන්නම ආස කරන බාස්කට්බෝල් ගේම් එකක් බලන්න ටිකට් ගන්නවා. එයා හිතුවේ ඒක දෙන්නට එකතු වෙලා හිනා වෙලා කාලය ගත කරන්න හොඳ අවස්ථාවක් වෙයි කියලා.
ගේම් එකේ මැද විවේකෙට රොබින් වොෂ් රූම් එකට ගිහින් ආපහු එන්නේ නෑ.
දැන් වේන්ගේ හිතට බය දැනෙන්න ගන්නවා. එයාට තේරෙනවා දුවව පැහැරගෙන ගිහින් කියලා!
දස දහස් ගණනක් මිනිස්සු ඉන්න ස්ටේඩියම් එක ඇතුළේ, එයාට සිද්ධ වෙනවා තනියම දුවව හොයන්න.
වෙලාව ටිකෙන් ටික ඉවර වෙනවා. වේන් එයාගේ දුවව හොයාගන්න, අන්තිම මොහොත වෙනකම්ම නවතින්නේ නැති, භයානක මෙහෙයුමක් පටන් ගන්නවා.
ඇත්තටම රොබින්ව පැහැරගත්තේ කවුද? එයාලගේ අරමුණ මොකක්ද?
තනියම මේ දේ කරන්න වේන්ට පුළුවන් වෙයිද? වෙලාව ඉවර වෙන්න කලින් දුවව බේරගන්න වේන්ට පුළුවන් වෙයිද?
