
The 33 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, 2010 අවුරුද්දේ චිලී රටේ සිද්ධ වෙච්ච ඇත්තම සිද්ධියක් පාදක කරගෙන හදපු පට්ටම කතාවක්.
කතාව පටන් ගන්නේ සැන් හෝසේ (San José) කියන පතලෙන්. දවසක් මේ පතලේ වැඩට ගියපු මිනිස්සු 33 දෙනෙක්, හිතාගන්නවත් බැරි විදිහට පතල කඩා වැටීමක් නිසා පොළව යට හිරවෙනවා. හිතන්නකෝ, අඩි 2,300ක් (මීටර් 700ක්) විතර ගැඹුරේ, තමන්ගේ ඔලුවට උඩින් තියෙන දැවැන්ත පර්වතයක් යට මේ මිනිස්සු ටික කොටු වෙනවා.
දරුණුම දේ තමයි, මෙයාලා ගාව ඉතුරුවෙලා තිබුණේ දවස් 3කට විතරක් සෑහෙන කෑම බීම ටිකක් විතරයි. හැබැයි මේ අය දවස් 69ක් තිස්සේ මේ මර උගුල ඇතුලේ ජීවත් වෙන්න සටන් කරනවා. අංශක 30-40ක දරාගන්න බැරි රස්නය, ගෙවී යන හැම තත්පරයකම දැනෙන මරණ බිය සහ එළියට යන්න පාරක් නැති හිරවී යාම කියන දේ මිනිස්සුන්ව මානසිකව වට්ටන හැටි මේ ෆිල්ම් එකෙන් නියමෙටම පෙන්නනවා.
එළියේ ඉන්න පවුල්වල අයත්, ආණ්ඩුවත් කොහොමහරි මේ 33 දෙනාව බේරගන්න දරන ත්රාසජනක මෙහෙයුම සාර්ථක වෙයිද? ලෝකයක්ම හුස්ම හිරකරගෙන බලාගෙන හිටපු මේ මෙහෙයුම අන්තිමට මොකද වුණේ කියලා දැනගන්නනම් මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන.
නළු නිළියන් සහ අධ්යක්ෂණය: මේකේ ප්රධාන චරිතය වන ‘සුපර් මාරියෝ’ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුපිරි නළු Antonio Banderas. ඒ වගේම Rodrigo Santoro සහ Juliette Binoche වගේ දක්ෂ නළු නිළියන් මේකට රංගනයෙන් දායක වෙනවා. මේ සංවේදී කතාව අධ්යක්ෂණය කරලා තියෙන්නේ Patricia Riggen විසින්.
