Image Not Found

The A-Team (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකේ ඉන්නේ ඇමරිකානු හමුදාවේ හිටපු සුපිරිම දක්ෂ කට්ටිය හතර දෙනෙක්. මෙයාලට කියන්නේ “A-Team” කියලා. ඕනෑම අමාරු, කරන්න බැහැයි කියන මිෂන් එකක් වුණත්, මෙයාලා ප්ලෑන් කරලා ගේමක් ගහනවා.

කතාව යන්නේ මෙහෙමයි: ඉරාක යුද්ධය කාලේ, මෙයාලා ලොකු රහස් මෙහෙයුමක් කරනවා. ඒක තමයි, ඩොලර් බිලියන ගාණක හොර සල්ලි අච්චු ගහන ප්ලේට් වගයක් අල්ලගන්න එක. මෙයාලා සුපිරියටම ඒ වැඩේ කරනවා.

ඒත්, මිෂන් එක ඉවර වුණ ගමන්ම, මෙයාලව කවුරුහරි දරුණ විදිහට “සෙට්” කරනවා. ඒ කියන්නේ, මෙයාලව පාවලා දීලා, හොරු ටික පැනලා යනවා, අර ප්ලේට් ටිකත් අරගෙන.
වැඩේ වරදින්නේ A-Team එකට. මෙයාලව අත්අඩංගුවට අරන්, හමුදාවෙන් නෙරපලා හිරේ දානවා.

හැබැයි ඉතින්, A-Team එක හිරේ ඉන්න සෙට් එකක් නෙවෙයි. මෙයාලා හතරදෙනා හිරෙන් පනිනවා. දැන් මෙයාලගේ එකම ප්ලෑන් එක තමයි, තමන්ව පාවලා දීපු නියම හොරු ටික අල්ලගෙන, තමන්ගේ නම පිරිසිදු කරගන්න එක. හැබැයි ඒක ලේසි නෑ, මොකද ආණ්ඩුවෙනුත් මෙයාලව හොයනවා. ඉතින්, මෙයාලට ඒ ගේම ගහගන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.