
The Adventures of Tintin (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අපේ වීරයා, කවුරුත් දන්න දක්ෂ වාර්තාකාර ටින්ටින්, දවසක් එයාගෙ පක්ෂපාතී බල්ලා ස්නෝවි (හිමකුමරා) එක්ක පරණ බඩු මාකට් එකකට යනවා. එතන තිබිලා එයා “යුනිකෝන්” කියලා ලස්සන, පරණ නැවක මොඩල් එකක් මිලදී ගන්නවා.
හැබැයි, මේක ගත්ත වෙලේ ඉඳන්ම අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. අයිවන් ඉවානොවිච් සකාරීන් කියලා භයානක, අභිරහස් මිනිහෙක් මේ නැව කොහොමහරි ටින්ටින්ගෙන් ගන්න ලොකු උත්සහයක් දරනවා. ටින්ටින්ට ඉක්මනටම තේරෙනවා මේ පොඩි නැව් මොඩලය ඇතුළේ ලොකු රහසක් හංගලා තියෙනවා කියලා.
වැඩි වෙලාවක් යන්න කලින්, ටින්ටින්ව පැහැරගන්නවා. එයා නතර වෙන්නේ සකාරීන්ගේ ලොකු නැවක. එතනදී තමයි එයාට නිතරම බීගෙන ඉන්න, හරිම විනෝදකාමී, හැබැයි පරම්පරාගත රහසක් තියෙන කපිතාන් හැඩොක්ව හම්බවෙන්නේ.
ටින්ටින් හොයාගන්නවා අර නැව් මොඩල් එක ඇතුළේ රහස් පණිවිඩයක් තියෙනවා කියලා. මේ වගේ නැව් මොඩල් තුනක් තියෙනවලු. මේ තුනේම තියෙන රහස් පණිවිඩ එකතු කරාම, කපිතාන් හැඩොක්ගෙ මුතුන් මිත්තෙක් වුණු සර් ෆ්රැන්සිස් හැඩොක්ගෙ නැතිවුණු අතිවිශාල නිධානයක් තියෙන තැන හොයාගන්න පුළුවන්.
දැන් ඉතින් ටින්ටිනුයි, හැඩොකුයි, ස්නෝවියි එකතු වෙලා අර නපුරු සකාරීන්ට කලින් මේ රහස් පත්රිකා තුන හොයාගෙන නිධානය හොයාගන්න ලොකු තරගයක යෙදෙනවා. මේ ගමන මුහුදෙත්, කාන්තාරයෙත් හරහා යන මාරම ඇඩ්වෙන්චර් එකක්!
