Image Not Found

The Animal Kingdom (2023 [FRENCH]) Sinhala Subtitle | සිංහල උපසිරැසි

The Animal Kingdom (2023) මේක 2023 වසරේ නිකුත් වුණ ප්‍රංශ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කළේ Thomas Cailley. ප්‍රධාන චරිත විදිහට Romain Duris (ෆ්‍රැන්කොයිස්) සහ Paul Kircher (එමිල්) තාත්තා සහ පුතා විදිහට රඟපානවා. ඒ වගේම Adèle Exarchopoulos ත් මෙහි වැදගත් චරිතයකට පණ පොවනවා.

කතා සාරාංශය: කතාව පටන් ගන්නේ ලෝකයට එන අමුතුම විදියේ වසංගතයක් එක්ක. මේක සාමාන්‍ය ලෙඩක් නෙවෙයි; මේක හැදුනම මිනිස්සු ටිකෙන් ටික විකෘති වෙලා සත්තු බවට පත් වෙන්න පටන් ගන්නවා. හිතන්නකෝ, සමහරු කුරුල්ලෝ වගේ වෙනවා, තව අය වෘකයෝ වගේ වෙනවා. සමාජය මේ “සත්ව මිනිස්සුන්ව” දිහා බලන්නේ හරිම බයකින්.

කතාවේ මැද ඉන්නේ ෆ්‍රැන්කොයිස් සහ එයාගේ 16 හැවිරිදි පුතා, එමිල්. මේ දෙන්නට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද එමිල්ගේ අම්මත් මේ විකෘතියට ගොදුරු වෙලා. ඇයව දකුණු ප්‍රදේශයේ විශේෂ මධ්‍යස්ථානයකට මාරු කරන්න හදනකොට, ඒ වාහනේ අනතුරකට ලක්වෙලා ඇතුලේ හිටපු “සත්ව මිනිස්සු” ඔක්කොම කැලේට පැනලා යනවා.

දැන් තාත්තයි පුතයි එකතු වෙලා මේ නන්නාඳුනන කැලේ ඇතුලේ අම්මව හොයන්න පටන් ගන්නවා. හැබැයි නියම ට්විස්ට් එක තියෙන්නේ එතන නෙවෙයි. අම්මව හොයන මේ ගමනේදී එමිල්ට තේරෙනවා එයාගේ ශරීරයෙත් යම් යම් අමුතු වෙනස්කම් සිද්ධ වෙනවා කියලා. නියපොතු වෙනස් වෙනවා, ඉව දැනෙනවා වගේ දේවල් එයාට දැනෙනවා.

එයාටත් මේක බෝ වෙලාද? එයා මේක කොච්චර කල් තාත්තගෙන් හංගගෙන ඉඳියිද? තමන්ගේම පුතා සතෙක් වෙන්න යනවා කියලා දැක්කොත් තාත්තා මොකක් කරයිද? මේ ප්‍රශ්න ටික විසඳගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේක නිකන්ම Sci-Fi කතාවක් නෙවෙයි, තාත්තා කෙනෙක් සහ පුතෙක් අතර තියෙන බැඳීම ගැන කියවෙන මාරම සංවේදී කතාවක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.