
The Assignment (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ෆ්‍රෑන්ක් කිචන් කියන්නේ නමක් දිනාගත්තු, දරුණු මිනීමරුවෙක්, කොන්ත්‍රාත් ඝාතකයෙක්. දවසක් එයාට ලොකු වැරැද්දක් වෙනවා. ඒ වැරැද්ද නිසා එයා අතින් මැරුම් කන්නේ දක්ෂ වෛද්‍යවරියකගේ සහෝදරයා.
මේ වෛද්‍යවරිය, එහෙමත් නැත්නම් ඩොක්ටර් රේචල් ජේන්, තමන්ගේ සහෝදරයා වෙනුවෙන් පලිගන්න හිතාගෙන, අවස්ථාවක් එනකම් ඉඳලා, ෆ්‍රෑන්ක්ව පැහැරගන්නවා. හැබැයි එයාගේ පළිගැනීම නම් ටිකක් අමුතුයි.
ෆ්‍රෑන්ක් ඇහැරෙනකොට දකින්නේ පුදුම දෙයක්. ඩොක්ටර් ජේන් එයාට බලෙන් ලිංගිකත්ව මාරු කිරීමේ සැත්කමක් කරලා! අද ඉඳන් ෆ්‍රෑන්ක් කියන්නේ ගැහැණියක්.
දැන් ෆ්‍රෑන්ක්ට පිස්සු වගේ. එයාට ඕනේ මේ දේ ආපස්සට හරවගන්න. ඒත් ඩොක්ටර් ජේන් කියනවා ඒක කරන්න බැහැ කියලා.
දැන් ෆ්‍රෑන්ක්ට තියෙන්නේ එකම එක ඉලක්කයක් විතරයි. ඒ තමයි තමන්ගේ ජීවිතය විනාශ කරපු හැමෝම හොයාගෙන, බිමටම දාලා, දරුණු පළිගැනීමක් ගන්න එක!
එයාගේ මේ භයානක ගමනට, කලින් එයා එක්ක සම්බන්ධයක් තිබුණ ජොනී කියන නර්ස් කෙනෙක් උදව් කරනවා. හැබැයි, මේ ජොනීටත් තමන්ගේම රහස් තියෙනවා වගේ පේනවා.
අන්තිමට ෆ්‍රෑන්ක්ට ඩොක්ටර් ජේන්ව හොයාගන්න පුළුවන් වෙයිද? එතකොට, එයාගේ පළිගැනීම සාර්ථක වෙයිද? ඒ කතාව නම් බලලම දැනගන්න ඕනේ!
