
The Beta Test (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ද බීටා ටෙස්ට් (The Beta Test)
මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ ප්රධාන චරිතය වන ‘ජෝර්ඩන්’ට පණ පොවන්නේ ජිම් කමිංග්ස් (Jim Cummings). ඒ වගේම මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරන්නෙත් ඔහුමයි (PJ McCabe සමඟ එකතු වෙලා). ජිම්ගේ රඟපෑම තමයි මේකේ ලොකුම හයිලයිට් එක.
කතාව යන්නේ ජෝර්ඩන් කියලා හොලිවුඩ් ඒජන්ට් කෙනෙක් වටා. මෑන් හොඳට ඇඳලා කරලා, ලොකු ටෝක් දෙන, සෑහෙන “පොෂ්” විදිහට ඉන්න චරිතයක්. මිනිහා ළඟදීම කසාද බඳින්න දිනත් දාගෙනයි ඉන්නේ. ඔහොම ඉද්දි දවසක් ජෝර්ඩන්ට තැපෑලෙන් එනවා හරිම අමුතු දම් පාට ලියුම් කවරයක්.
මේක ඇතුලේ තියෙන්නේ අමුතුම ආරාධනාවක්. කාටවත් මාට්ටු නොවී, කිසිම බැඳීමක් නැතුව, නාඳුනන කෙනෙක් එක්ක රහසිගතව හෝටලයකදී ලිංගිකව එකතු වෙන්න ලැබෙන “VIP” චාන්ස් එකක් ගැන තමයි මේකේ තියෙන්නේ. නිකමට වගේ හිත ඇදිලා ගිහින් ජෝර්ඩන් මේකට ‘හා’ කියනවා.
හැබැයි ප්රශ්නේ පටන් ගන්නේ ඒ වැඩේ වුණාට පස්සෙයි. මනුස්සයාට හෝ ගාලා සැක හිතෙන්න ගන්නවා. “කවුද මේක එව්වේ? මම මේ අහුවුණේ උගුලකටද? මගේ පස්සෙන් කවුරුහරි එනවද?” කියලා මිනිහාට නිකන් පිස්සු වගේ හැදෙනවා. අන්තිමට ජෝර්ඩන් එයාගේ රස්සාවයි, කසාදෙයි ඔක්කොම පරදුවට තියලා මේ අද්භූත ලියුමේ අයිතිකාරයා හොයන්න ගන්නවා.
මේක නිකන්ම ත්රිලර් එකක් නෙවෙයි, ඉන්ටර්නෙට් එකයි, මිනිස්සුන්ගේ බොරු ජීවිතයි ගැන හරිම සැර විදිහට, වෙලාවකට පොඩි බයකුත් එක්ක ගලාගෙන යන පට්ට කතාවක්. අන්තිම වෙනකම්ම කුතුහලෙන් බලන්න පුළුවන්.
