Image Not Found

The Bye Bye Man (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හිතන්නකෝ, කොලේජ් යාළුවෝ තුන් දෙනෙක්, එලියට්, එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සාෂා සහ හොඳම යාළුවා ජෝන්, කැම්පස් එකෙන් ටිකක් ඈත තියෙන පරණ, ලොකු ගෙදරක පදිංචියට යනවා. අලුත් තැනක ෆන් එකේ ඉන්න තමයි ප්ලෑන් එක.

ඔහොම ඉන්නකොට, මෙයාලට අහම්බෙන් ගෙදර තිබිලා පරණ නයිට් ස්ටෑන්ඩ් එකක් හම්බවෙනවා. ඒකේ ලාච්චුවක ඇතුළේ පැන්සලකින් වගේ ලියලා තියෙනවා “Don’t think it, Don’t say it” (ඒක හිතන්න එපා, ඒක කියන්න එපා) කියලා. ඒ යටින්ම “The Bye Bye Man” කියලත් ලියලා තියෙනවා.

ඉතින්, කරන්න එපා කියන දේමනේ කරන්න හිතෙන්නේ. එලියට් අර නම සද්දෙන් කියනවා.
ඔන්න එදා ඉඳන් තමයි සෙල්ලම පටන් ගන්නේ.

මෙයාලට ටික ටික අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම නැති දේවල් පේන්න ගන්නවා (hallucinations). එක එක අමුතු සද්ද ඇහෙනවා. කාසි වැටෙන සද්දයක්, කෝච්චියක සද්දයක්, අමුතු බල්ලෙක්…

වැඩිම දේ තමයි, මේ දේවල් නිසා මෙයාලා එකිනෙකාව සැක කරන්න පටන් ගන්නවා. හොඳම යාළුවෝ වුණත්, එකිනෙකාට බය වෙන්න ගන්නවා. මොකද මේ ‘Bye Bye Man’ කියන එක්කෙනා වැඩ කරන්නේ මිනිස්සුන්ගේ බය පාවිච්චි කරලා. එයා මිනිස්සුන්ව උමතු කරවලා, එයාලා ලවාම දරුණු දේවල් කරවනවා.

මේක හරියට වෛරස් එකක් වගේ. ඔයා එයාගේ නම දන්නවනම්, ඔයා එයාගේ ඊළඟ ගොදුර. දැන් ප්‍රශ්නේ තියෙන්නේ, මේ නම ඔළුවෙන් අයින් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ ශාපය නවත්තන්න ක්‍රමයක් නැද්ද? එයාලා මේකෙන් බේරෙන්න උත්සාහ කරද්දී, එයාලට තමන්වවත් විශ්වාස නැති වුණොත්?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.