
The Call (2020 [KOREAN]) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ද කෝල් (The Call)
කාස්ට් එක ගැන පොඩ්ඩක්: මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Chung-hyun කියන අධ්‍යක්ෂකවරයා. ප්‍රධාන චරිත විදියට අපි කවුරුත් දන්න ජනප්‍රිය නිළි Park Shin-hye (සෝ-යොන් ලෙස) සහ අති දක්ෂ රංගනයක යෙදෙන Jeon Jong-seo (යොන්-සූක් ලෙස) එකතු වෙනවා.
මේක හිතාගන්නවත් බැරි විදියට කාලය හරහා සිද්ධ වෙන මාරම ත්‍රිලර් එකක්.
සෝ-යොන් කියන කෙල්ල කාලෙකට පස්සේ තමන්ගේ පරණ ගෙදරට එනවා. එයාට එහේ තියිලා පරණ ලෑන්ඩ් ෆෝන් එකක් හම්බෙනවා. හදිස්සියේම මේ ෆෝන් එක රින්ග් වෙනවා. එහා පැත්තෙන් කතා කරන්නේ යොන්-සූක් කියන ගෑනු ළමයා. හැබැයි පුදුමෙ කියන්නේ, මේ යොන්-සූක් ඉන්නෙත් මේ ගෙදරමයි, හැබැයි ඒ 1999 අවුරුද්දේ! සෝ-යොන් ඉන්නේ 2019 අවුරුද්දේ.
මේ දෙන්නා එකම ගෙදර අවුරුදු 20ක පරතරයක් ඇතුව ජීවත් වෙමින් මේ පරණ ෆෝන් එකෙන් යාළුවො වෙනවා. ඉතින් මේ දෙන්නා පොඩි ඩීල් එකක් දාගන්නවා. අතීතයේ ඉන්න යොන්-සූක්, සෝ-යොන්ගේ මැරුණු තාත්තව බේරගන්නවා. ඒකට උදව්වක් විදියට සෝ-යොන්, යොන්-සූක්ගේ අනාගතේ වෙන දේවල් එයාට කියනවා.
මුලදි මේක හරි ලස්සනට සිද්ධ වුණාට, සෝ-යොන් දැනගෙන හිටියේ නෑ එයා මේ කතා කරන්නේ දරුණු මානසික ලෙඩක් තියෙන මිනීමරු කෙල්ලෙක් එක්ක කියලා. තමන්ගේ අනාගතේ දැනගත්තට පස්සේ යොන්-සූක් යක්ෂයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. එයා අතීතයේ ඉඳන් වර්තමානයේ ඉන්න සෝ-යොන්ව පාලනය කරන්න පටන් ගන්නවා.
නිකමට හිතන්න, ඔයාව මරන්න හදන කෙනා ඉන්නේ අතීතයේ නම්, එයා අතීතයේ කරන පොඩි වෙනස්කමකින් වර්තමානයේ ඉන්න ඔයාගේ ජීවිතේම තත්පරෙන් කණපිට හැරෙනවා. ඉතින් අවුරුදු 20කට කලින් ජීවත් වෙන මේ යක්ෂ කෙල්ලගෙන් සෝ-යොන් තමන්ගේ ජීවිතේ බේරගන්නේ කොහොමද? අන්තිම තත්පරේ වෙනකන් ඇස් පිහාගන්න බැරි කුතුහලයක් මේ ෆිල්ම් එකේ තියෙනවා.
