Image Not Found

The Captive (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“The Captive” (2014) කියන්නේ බලන් ඉන්න කෙනාව හොඳටම කුතුහලයෙන් තියන පට්ට ත්‍රිලර් ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Atom Egoyan. ප්‍රධාන චරිත විදිහට Ryan Reynolds (මැතිව්) සහ Mireille Enos (ටීනා) රඟපානවා. ඊට අමතරව Scott Speedman සහ Rosario Dawson වගේ අයත් ඉන්නවා.

කතාව පටන් ගන්නේ මෙහෙමයි. මැතිව් එයාගේ පොඩි දුවව (කැසෙන්ඩ්‍රා) එයාගේ ට්‍රක් එකේ තියලා, කෑම කඩේකට පොඩි වෙලාවකට යනවා. ඒත් එයා ආපහු එනකොට දුව වාහනේ නෑ! දුවව කවුද පැහැරගෙන ගිහින්.

ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ අවුරුදු අටකට පස්සේ වෙන දේවල්. මේ දෙමව්පියෝ තාමත් දුවව හොයනවා. පොලීසියත් මේ කේස් එක විසඳගන්න බැරුව ඉන්නේ. සමහර පොලිස් නිලධාරීන්ට තාත්තව සැකයි.

ඒත් කතාවේ තියෙන පුදුමම දේ තමයි, මේ දුව තාමත් ජීවතුන් අතර ඉන්නවා. එයාව හිරකරගෙන ඉන්න කෙනා, එයාට එයාගේ අම්මව රහස් කැමරා වලින් බලන්නත් සලස්වනවා. ෆිල්ම් එක එක දිගට යන්නේ නෑ. දුව නැතිවුණ දවසේ සිද්ධීයි, අවුරුදු අටකට පස්සේ වෙන දේවලුයි මාරුවෙන් මාරුවට පෙන්නනවා.

ඇත්තටම දුවව පැහැරගත්තේ කවුද? ඇයි එයාව මෙච්චර කල් හිරකරගෙන ඉන්නේ? පොලීසියටයි, මැතිව්ටයි මේ අභිරහස විසඳලා දුවව බේරගන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.