
The Cell (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මනෝ වෛද්‍යවරියක් ඉන්නවා, ඇය අති නවීන තාක්ෂණය භාවිත කරනවා, එහෙම කියන්නේ සිහි විකල් වෙලා ඉන්න රෝගීන්ගේ හිත ඇතුළටම යන්න පුළුවන් විදියේ ක්‍රමයකට. ඇය ඒක කරන්නේ ඔවුන්ව කතාවට අරගෙන, යථා ලෝකයට ගේන්න.
ඔය අතරේ තමයි දරුණු අන්දමේ අනුක්‍රමික ඝාතකයෙක් ගැන FBI එකට ආරංචි වෙන්නේ. මිනිහා ලස්සන තරුණියන්ව පැහැරගෙන ගිහින්, රහසිගත වීදුරු කුටීරයක සිර කරනවා. ඒක හෙමින් හෙමින් වතුරෙන් පිරෙනවා, අන්තිමට ඒ තරුණියන් දියේ ගිලී මැරෙනවා.
ඔය ඝාතකයා අලුත්ම ගොදුරක් පැහැරගත්තාට පස්සේ, අවාසනාවකට වගේ ඔහුටත් ක්ෂණිකව කෝමා තත්ත්වයට වැටෙනවා.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි!
ඒ තරුණියව සිර කරලා තියෙන තැන, ඒ වීදුරු කුටීරය තියෙන තැන දන්නේ ඔහු විතරයි. ඒ වගේම ඒ කුටීරය වතුරෙන් පිරෙන්න ඇත්තේ පැය කීපයක් විතරයි.
ඒ හින්දා FBI එකේ නිලධාරියෙක් ඇවිත්, මේ මනෝ වෛද්‍යවරියගෙන් උදව් ඉල්ලනවා. ඔහු කියනවා, කොහොම හරි ඒ ඝාතකයාගේ ඔළුව ඇතුළට ගිහින්, අර සිරකාරී තරුණියව තියෙන තැන දැනගන්න කියලා.
මේක ඇත්තටම දරුණු තරඟයක්. ඇය දැන් යන්නේ නිකම් මනුස්සයෙක්ගේ හිතකට නෙවෙයි, පිස්සෙක්ගේ භයානක, විකෘති ලෝකෙකට! එතකොට අර තරුණියගේ ජීවිතය රැඳිලා තියෙන්නේ ඇයගේ සාර්ථකත්වය මතයි.
ටිකක් භයානක සහ කුතුහලය දනවන ගමනක්… නේද?
