Image Not Found

The Counselor (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව තියෙන්නේ නීතිඥයෙක් වටේ. අපි දන්නේ එයාගේ නම නෙවෙයි, හැබැයි එයා “උපදේශකයා” (The Counselor) විදියට තමයි හැඳින්වෙන්නේ. එයා ලස්සනම ලස්සන කෙල්ලෙක්ට කැමති වෙලා ඉන්නවා. එයාට ඕනේ කොහොම හරි ලොකු මුදලක් හොයාගෙන එයත් එක්ක පට්ට ජීවිතයක් ගත කරන්න.

ඒ නිසා එයා තීරණය කරනවා මෙක්සිකෝවේ මහා දරුණු මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වෙන්න. එයාගේ අඳුනන අය (විශේෂයෙන්ම රයිනර් සහ වෙස්ට්‍රේ) නිතරම මේ වැඩේ තියෙන භයානකකම ගැන එයාට අනතුරු අඟවනවා. “ඒගොල්ලෝ සමාව දෙන්නේ නැහැ” කියලා පැහැදිලිවම කියනවා.

උපදේශකයා ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව, එයාගේ තීන්දු තීරණ ගැන අධික විශ්වාසයකින් යුතුව මේ වැඩේට මුදල් යොදවනවා.

ඒත් එක්කම, අන්තිමට බඩු තොගය ටෙක්සාස්-මෙක්සිකෝ දේශසීමාවෙන් එනකොට, කවුරුහරි ඒක හොරකම් කරනවා. එතනින් පස්සේ තමයි සැබෑ අපාය පටන් ගන්නේ.
ජාවාරම්කාරයෝ හිතන්නේ මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ උපදේශකයා කියලා. දැන් එයාගේ මුළු ජීවිතේම – එයාගේ ආදරවන්තියගේ ජීවිතේ පවා – බිඳී යන්න පටන් අරන්. එයාට දුවන්න හංගන්නවත් තැනක් නැහැ.

අවසානයේදී උපදේශකයාට තේරෙනවා… ඒ භයානක ලෝකයට ගියාට පස්සේ ආපහු එන්න පාරක් නැහැ කියලා! මේ කතාව, තීරණවලට විඳින්න වෙන දරුණු ප්‍රතිඵල ගැන කියා දෙන කතාවක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.