
The Dressmaker (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක නම් හිනා යන, ඒ වගේම හිතට ටිකක් තදින් වදින අපූරු කතාවක්. ඔයාලා කේට් වින්ස්ලට්ගේ රංගනයට කැමති නම් මේක අතහරින්නම එපා. කතාව පටන් ගන්නේ තිලී කියන තරුණිය අවුරුදු ගණනාවකට පස්සේ තමන්ගේ උපන් ගමට එන දර්ශනයකින්. හැබැයි ඇය එන්නේ නිකම්ම නෙවෙයි, ලස්සන ඇඳුම් මහන මැෂිමකුත් අරගෙනයි. ඇය දැන් ලෝකයේ ප්‍රසිද්ධම මෝස්තර නිර්මාණ ශිල්පිණියක්.
තිලීව කුඩා කාලයේදී මේ ගමෙන් පිටුවහල් කරන්නේ ඇය මිනීමැරුමක් කළා කියලා චෝදනා කරලා. ඉතින් ඇය ආපහු එන්නේ තමන්ට ඒ අසාධාරණය කරපු අයට රිටර්න් එක දෙන්නයි. හැබැයි ඒක කරන්නේ තුවක්කුවකින් නෙවෙයි, ඇගේ අපූරු ඇඳුම් නිර්මාණ හරහා. ගමේ ඉන්න අමුතුම විදිහේ මිනිස්සු තිලීගේ ලස්සන ඇඳුම්වලට වහ වැටෙනවා. ඒ අතරේ ඇගේ අතීතයේ වළලා දාලා තිබුණ රහස් එකින් එක එළියට එන්න පටන් ගන්නවා.
මේ චිත්‍රපටිය බලද්දී ඔයාලට හිනා යාවි, ඒ වගේම ගමේ ඉන්න සමහර චරිත ගැන ලොකු තරහක් හිතේවි. ඒ හැමදේම අස්සේ ලස්සන ආදර කතාවකුත් තියෙනවා. ඇත්තටම එදා ඒ මිනීමැරුම කළේ කවුද? තිලීට ඇත්තටම පලිගන්න පුළුවන් වේවිද? අවසානයේ මුළු ගමටම මොකද වෙන්නේ? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් “The Dressmaker” අනිවාර්යයෙන් බලන්න. මේක විලාසිතා ගැන විතරක් නෙවෙයි, මනුස්ස හිත්වල තියෙන කුහකකම සහ ආදරය ගැන කතා කරන අපූරු නිර්මාණයක්.
