Image Not Found

The End We Start From (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අප අරඹන අවසානය (The End We Start From)
අධ්‍යක්ෂණය: මහලියා බෙලෝ (Mahalia Belo) ප්‍රධාන නළු නිළියන්: ජෝඩි කෝමර් (Jodie Comer), ජොයෙල් ෆ්‍රයි (Joel Fry), සහ බෙනඩික්ට් කම්බර්බැච් (Benedict Cumberbatch).

මේක ටිකක් වෙනස් විදිහේ සර්වයිවල් (survival) ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ ලන්ඩන් නගරයේ ඉන්න තරුණ යුවළකින්. හදිසියේම ඇතිවෙන ධාරාණිපාත වර්ෂාවක් නිසා ලන්ඩන් නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙනවා. මේ මහා වතුර ගැලීම අස්සේ, අපේ කතා නායිකාව දරුවෙක් ප්‍රසූත කරනවා.

හිතන්නකෝ, මුළු ලෝකෙම වතුරෙන් යටවෙලා, කන්න බොන්න දෙයක් නෑ, ඉන්න තැනක් නෑ. ඒ අස්සේ අත දරුවෙක් එක්ක අම්මා කෙනෙක් කොහොමද ජීවත් වෙන්නේ? ගෙවල් දොරවල් අත ඇරලා, ආරක්ෂිත තැනක් හොයාගෙන මෙයාලට උතුරට යන්න සිද්ධ වෙනවා.

මේ ගමන ලේසි නෑ. සමහර තැන්වල කෑම වෙනුවෙන් මිනිස්සු මරාගන්නවා. පවුල් වෙන් වෙනවා. මේ අම්මා තමන්ගේ පොඩි දරුවා බේරගන්න මොන වගේ කැපකිරීමක් කරයිද? ඇයට තමන්ගේ සැමියාව ආයේ මුණගැහෙන්න ලැබෙයිද? නැත්නම් මේ වතුර ගැලීම එයාලගේ ජීවිතේ අවසානය වෙයිද?

මේක නිකම්ම “ලෝක විනාශය” ගැන ෆිල්ම් එකක් නෙවෙයි. මේක අම්මා කෙනෙක්ගේ ආදරය සහ බලාපොරොත්තුව ගැන ලස්සනට කියවෙන, හිතට දැනෙන කතාවක්. අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.