
The Flood (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි | කුණාටුවක් මැද සිරගෙදරක සිරවී කිඹුල් ප්‍රහාරයකට මුහුණ දුන් හැටි
අධ්‍යක්ෂණය: Brandon Slagle නළු නිළියන්: Casper Van Dien, Nicky Whelan, Louis Mandylor
හිතන්නකෝ, ඔයා දරුණු අපරාධකාරයො ඉන්න හිරගෙදරක හිරවෙලා ඉන්නවා කියලා. මදිවට එළියෙන් ලොකු කුණාටුවක් ඇවිත් මුළු හිරගෙදරම වතුරෙන් යටවෙනවා. හැබැයි ප්‍රශ්නේ එතනින් ඉවර වෙන්නේ නෑ. මේ ගංවතුරත් එක්කම හිරගෙදර ඇතුලට එන්නේ බඩගින්නේ ඉන්න යෝධ කිඹුලන් රංචුවක්! අන්න ඒ වගේ අමුතුම ත්‍රාසජනක අත්දැකීමක් තමයි The Flood චිත්‍රපටයෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. මේක Action සහ Horror කැටගරි දෙකටම අයිති වෙන සුපිරි ෆිල්ම් එකක්.
කතාව යන්නේ මෙහෙමයි. ඉතාම දරුණු ගණයේ සිරකරුවන් පිරිසක් බස් රථයකින් ප්‍රවාහනය කරද්දී ලොකු කුණාටුවකට අහුවෙනවා. මේ නිසා එයාලට සිද්ධ වෙනවා අතරමග තියෙන පොඩි පොලිස් ස්ථානයක හිර කූඩුවක තාවකාලිකව නවතින්න. හැබැයි මේ පොලිස් ස්ටේෂන් එක ගොඩක් පරණයි වගේම ගංවතුරට ලේසියෙන්ම අහුවෙන තැනක තියෙන්නේ. ටික වෙලාවක් යද්දී වතුර මට්ටම වැඩිවෙලා ස්ටේෂන් එක යටවෙන්න ගන්නවා. ඒ අස්සේ තමයි එළියේ ඉන්න බඩගිනි කිඹුලන් මේ ගොඩනැගිල්ල ඇතුලට රිංගන්නේ. දැන් මේ පොලිස් නිලධාරීන්ට සහ හිරකාරයින්ට ලොකු අභියෝගයක් එනවා.
එක පැත්තකින් වතුර පිරෙනවා, අනිත් පැත්තෙන් දරුණු සිරකරුවන් පැනලා යන්න ට්‍රයි කරනවා, මේ ඔක්කොටම වැඩිය දරුණුම දේ තමයි වතුර යට ඉඳන් පහර දෙන කිඹුලන්. ජීවිතේ බේරගන්න නම් පොලිසියට සහ හිරකාරයින්ට එකතු වෙන්න වෙයිද? නැත්නම් එයාලා එකිනෙකා මරා ගනීද? මේ වතුර අස්සේ හැංගිලා ඉන්න කිඹුලන්ගෙන් බේරිලා කී දෙනෙක්ට එළියට යන්න පුළුවන් වෙයිද? ෆිල්ම් එක බලද්දී නිකන් අපිත් වතුර යට ඉන්නවා වගේ බයක් දැනෙනවා. විශේෂයෙන්ම කිඹුලන් පහර දෙන සීන් එහෙම බලන් ඉද්දි ඇඟ හිරිවැටිලා යනවා. වෙනස්ම විදියේ survival ෆිල්ම් එකක් හොයන කෙනෙක්ට මේක නියම තේරීමක්.
