Image Not Found

The Forgiven (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නේ, ඩේවිඩ් සහ ජෝ කියන බ්‍රිතාන්‍ය ජෝඩුව මොරොක්කෝ කාන්තාරයේ තියෙන ලොකු පාටියකට යන ගමනකින්. ඇත්තටම එයාලාගේ කසාද ජීවිතේ අවුල් වෙලා තියෙන්නේ. ඉතින්, ඒ ගමන අතරමගදී, ටිකක් බීලා හිටපු ඩේවිඩ් අතින් ලොකු වැරැද්දක් වෙනවා. එයාගේ කාර් එකේ හැප්පිලා එහේ ඉන්න තරුණ කොල්ලෙක් මිය යනවා.

ඉතින් මේ දෙන්නා කොල්ලාගේ මළ සිරුරත් අරගෙන යනවා යාළුවාගේ විලා එකට. පාටිය නම් නතර වෙන්නේ නෑ. පොලීසියත් එක්ක කතා කරලා සිද්ධිය යට ගහන්න හදනවා. ඒත්… ඒ මිය ගිය කොල්ලාගේ තාත්තා, අබ්දෙල්ලා, විලා එකට ඇවිල්ලා තමන්ගේ පුතාගේ අවසන් කටයුතු කරන්න ඩේවිඩ්ට එයාගේ ගමට එන්න කියලා බල කරනවා.

දැන් කතාව දෙකට කැඩෙනවා.
එක පැත්තකින්, සුපිරි ලයිෆ් එකක් ගෙවන යාළුවොත් එක්ක ජෝ, විලා එකේ පාටිය දානවා. තමන්ගේ සැමියා ගැන එච්චර වගක් නැති ගාණයි. අනිත් පැත්තෙන් ඩේවිඩ්, මේ නොහිතපු ගමන යනවා. එයාට මේ වෙන සිදුවීම් එක්ක අබ්දෙල්ලාට මුහුණ දෙන්න වෙනවා. එයාගේ හිත් ඇතුලේ හැඟීම් සහ බය ටික ටික වැඩි වෙනවා

කවුද මේකේ වැරැද්දට සමාව දෙන්නේ? කාටද සමාව ලැබෙන්නේ? කියන එක දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා! මේක හිතන්න ගොඩක් දේවල් දෙන, ලොකු කුතුහලයක් ඇති කරන කතාවක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.