
The Good Liar (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ චිත්‍රපටයේ විශේෂම දේ තමයි මේකේ ඉන්න ප්‍රධාන නළු නිළියන් දෙපළ. ඉයන් මැකෙලන් (Ian McKellen) සහ හෙලන් මිරෙන් (Helen Mirren) වගේ හොලිවුඩයේ දැවැන්තම චරිත දෙකක් තමයි මේකේ රඟපාන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බිල් කොන්ඩන් (Bill Condon) විසින්.
කතාව පටන් ගන්නේ රෝයි කෝට්නි කියන වයසක පුද්ගලයාගෙන්. මෙයා බැලූ බැල්මට හරිම වැදගත් විදිහට පෙනුනට, ඇත්තටම දරුණු ගණයේ වංචාකාරයෙක්. රෝයි ඔන්ලයින් ඩේටින් සයිට් එකක් හරහා බෙටී මැක්ලිෂ් කියලා ධනවත් වැන්දඹුවක්ව අඳුරගන්නවා. රෝයිගේ එකම අරමුණ වෙන්නේ බොරු ආදරයක් පෙන්නලා, මේ අහිංසක ආච්චිගේ විශ්වාසය දිනාගෙන එයාගේ මුළු සේසතම තමන්ගේ නමට ලියාගෙන මාරු වෙන එකයි.
මුලදී රෝයිගේ ප්ලෑන් එක හරිම ලේසියෙන් කෙරීගෙන යන පාටයි පේන්නේ. බෙටීත් රෝයිව ගොඩක් විශ්වාස කරනවා වගේම, ටික කාලෙකින් රෝයි බෙටීගේ ගෙදර පදිංචියටත් එනවා. හැබැයි කතාව ඉස්සරහට යද්දි පොඩි පොඩි අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා.
මේ අහිංසකයි කියලා හිතන් ඉන්න බෙටී ඇත්තටම අහිංසකද? එහෙම නැත්නම් රෝයිටත් නොතේරෙන්න බෙටී ලොකු ගේම් එකක් ගහනවාද? ඇත්තටම කවුද රවට්ටන්නේ? කවුද රැවටෙන්නේ? කියන එක ෆිල්ම් එකේ අන්තිම තත්පරේ වෙනකම්ම හිතාගන්න අමාරුයි. අන්තිම වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක්.
