
The Green Inferno (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි
The Green Inferno (2013)
අධ්‍යක්ෂණය සහ නළු නිළියන්: මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ත්‍රාසජනක චිත්‍රපට වලට හරිම ප්‍රසිද්ධ Eli Roth විසින්. ප්‍රධාන චරිත විදිහට Lorenza Izzo, Ariel Levy සහ Daryl Sabara රංගනයෙන් දායක වෙනවා.
මේක පටන් ගන්නේ හොඳ වැඩක් කරන්න හිතාගෙන යන ඇමරිකානු ශිෂ්‍ය කණ්ඩායමක් වටා. ජස්ටින් කියන තරුණියත් මේ සෙට් එකට එකතු වෙනවා. මෙයාලගේ අරමුණ වෙන්නේ ඇමසන් වනාන්තරයේ විනාශ වෙමින් පවතින ගෝත්‍රික ගම්මානයක් බේරාගන්න එක. ඉතින් මේ කට්ටිය ලොකු උද්යෝගයකින් පේරු රටේ කැලෑව මැදට යනවා.
මුලින්ම මෙයාලා හිතපු විදිහටම විරෝධතාවය සාර්ථක වෙනවා. හැබැයි ඇත්තම ප්‍රශ්නේ පටන් ගන්නේ ආපහු එනකොටයි. අවාසනාවන්ත විදිහට මෙයාලා යන පොඩි ගුවන් යානය කැලේ මැදට කඩාගෙන වැටෙනවා. අනතුරෙන් බේරුණු අයට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි බිහිසුණු අත්දැකීමකට.
මොකද දන්නවද? මෙයාලා වැටෙන්නේ කැලේ ඉන්න දරුණුතම මිනී මස් කන ගෝත්‍රික පිරිසක් ඉන්න ප්‍රදේශයකට. අර මෙයාලා බේරගන්න හදපු ගෝත්‍රිකයන්ම මෙයාලව දකින්නේ ආක්රමණිකයෝ විදිහට. ඊට පස්සේ මේ ශිෂ්‍ය කණ්ඩායමට වෙන්නේ තමන්ගේ ජීවිතය බේරගන්න පුදුම සටනක් දෙන්න.
මේ කැලේ මැද මෙයාලා කොහොමද මේ දරුණු ගෝත්රිකයන්ගෙන් බේරෙන්නේ? කවුද අන්තිමට ඉතුරු වෙන්නේ? කියන එක දැනගන්න නම් මේ ත්‍රාසජනක චිත්‍රපටය බලන්නම වෙනවා. හිත හයිය අයට විතරයි හැබැයි!
