
The Guilty (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක්, ඒත් මොකක්දෝ ප්රශ්නයක් හින්දා ඔයාව දාලා තියෙන්නේ හදිසි ඇමතුම් අංශයකට. මාරම බෝරින් වැඩක්. අපේ කතා නායකයා, ඇස්ගර්, ඉන්නෙත් ඔන්න ඔය වගේ තැනක. එයා ඉන්නේ මාරම කේන්තියෙන්, මේ ෂිෆ්ට් එක ඉවර කරලා ගෙදර යන්න බලන්.
ඔහොම ඉද්දි එකපාරටම කෝල් එකක් එනවා. මුලින්ම ඇස්ගර් හිතන්නේ මේක විකාරයක් කියලා. ගෑණු කෙනෙක් කතා කරන්නේ හරියට පොඩි ළමයෙක්ට කතා කරනවා වගේ. ඒත් තත්පර කීපයකින් ඇස්ගර්ට සීන් එක මීටර් වෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. මේ ගෑණු කෙනාව (ඉබෙන්) කවුරුහරි පැහැරගෙන යනවා. එයාට නිදහසේ කතා කරන්න විදිහක් නෑ.
දැන් තමයි නියම ගේම පටන් ගන්නේ. ඇස්ගර්ට තියෙන්නේ එයාගේ ෆෝන් එකයි, කම්පියුටර් එකයි විතරයි. එයා ඉන්නේ එක කාමරේක හිරවෙලා. එයාට සිද්ධ වෙනවා අර ගෑණු කෙනා කියන වචන කෑලි වලින්, වටෙන් පිටෙන් ඇහෙන සද්ද වලින් (වෑන් එකක සද්දයක්, වැස්ස) හොයාගන්න එයා කොහෙද ඉන්නේ, කවුද පැහැරගත්තේ කියලා.
ඇස්ගර්ට තේරෙනවා ගෙදර පොඩි ළමයි දෙන්නෙක් තනියම දාලා ඇවිත් තියෙන්නේ කියලා. එයා දැන් නීතිත් පැත්තකට දාලා, එළියේ ඉන්න පොලිස් කණ්ඩායම් වලට බලපෑම් කරලා කොහොමහරි මේක විසඳන්න දඟලනවා. එයා හිතාගෙන ඉන්නේ සම්පූර්ණ කතාව එයා දන්නවා, පැහැරගත්ත කෙනා කවුද කියලත් දන්නවා කියලා.
ඒත්… කෝල් එක දිගට යද්දී, එයාට තේරෙනවා එයාට ඇහෙන දේවල් වල මොකක්දෝ ලොකු අවුලක් තියෙනවා. එයා හිතපු කතාව නෙවෙයි මේක. මුළු චිත්රපටයම දිව යන්නේ මේ ෆෝන් කෝල් ටික හරහා. ඇත්තටම අර ෆෝන් එකේ අනිත් පැත්තේ මොකක්ද වෙන්නේ? ඒක තමයි බලන්න තියෙන්නේ.
