Image Not Found

The Gunman (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ ජිම් ටෙරියර් කියලා හිටපු කුලී හේවායෙක්ගෙන්. 2006 දී කොංගෝවේ පතල් ඇමතිවරයාව මරන එක තමයි මෙයාගේ අන්තිම වැඩේ වෙන්නේ.

අවුරුදු ගානකට පස්සේ ජිම් එයාගේ ඒ අතීත ජීවිතය අතෑරලා, පුණ්‍ය කටයුත්තක නිරත වෙන්න ආයෙත් කොංගෝවට එනවා. හැබැයි එයාගේ පරණ සගයන් ටිකක් හදිසියේම මරලා දානකොට තමයි ජිම්ට තේරෙන්නේ, තමන්ගේ පරණ දේවල් එයාගේ පස්සෙන් එනවා කියලා.

පැහැදිලිවම, කවුරුහරි මේ මිනීමැරුම් පිටිපස්සේ ඉන්නවා. ඒ වගේම, එයාගේ ජීවිතය විතරක් නෙවෙයි, එයාට සමීප අයගේ ජීවිතත් ලොකු අනතුරක.

දැන් ජිම්ට තියෙන්නේ එකම දේයි, ඒ තමයි ආපහු තමන්ගේ ‘වෙඩික්කාරයා’ (Gunman) ජීවිතේට ඇතුළු වෙලා, මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්න සත්‍ය පුද්ගලයාව හොයාගෙන පලිගන්න එක. එයාට මේක කරන්න පුළුවන් වෙයිද?
මේක ඇත්තටම මගහැරගන්න බැරි ත්‍රාසජනක සටන් චිත්‍රපටයක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.