
The Haunted Apartment: Miss K (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව පටන් ගන්නේ අල්මා සහ එයාගේ නංගි මියා කියන දෙන්නගෙන්. අම්මා නැති වුණාට පස්සේ එයාලා සූරබායා වලට යනවා, අල්මාට එහේ තියෙන සස්මායා අපාර්ට්මන්ට් එකේ කළමනාකාර තනතුරක් ලැබෙන නිසා.
ඒත්… මේ අපාර්ට්මන්ට් එකේ හයවැනි තට්ටුව නම් හරිම අමුතුයි. ඒක කාටවත් ඇතුල් වෙන්න බැරි විදිහට වහලයි තියෙන්නේ. ඒත් එක්තරා හදිසි වැඩකට මේ අක්කායි නංගියි දෙන්නටම බලෙන්ම වගේ ඒ තට්ටුවට යන්න වෙනවා, විශේෂයෙන්ම 610 දරණ කාමරේට.
අන්න එතනදී තමයි එයාලාට අමුතුම කාන්තාවකගේ සහ පොඩි කෙල්ලෙක්ගේ රූපයක් දකින්න ලැබෙන්නේ. එයාලා කියනවා “Papat dina, maghrib…” කියලා. ඒ කියන්නේ, “දවස් හතරයි, හිරු බැස යන වෙලාවට…”
එදා ඉඳන් අල්මායි, මියායි භයානක කරදර ගොඩකට මුහුණ දෙන්න පටන් ගන්නවා. වැඩේ කියන්නේ, මේ 610 කාමරේ ඇත්තටම හොල්මන් තියෙන තැනක්! කවුරු හරි ඒක ඇරලා ඇතුල් වුණොත්, හිරු බැස යන වෙලාවට දවස් හතරක් ඇතුළත එයා මැරෙනවා කියන දරුණු ශාපයක් මේ කාමරේට තියෙනවා.
දැන් එයාලට තියෙන්නේ දවස් හතරයි. අල්මාටයි මියාටයි මේ ශාපයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාලාත් මේ හොල්මන් කාමරේට බිලි වෙයිද? බලලම දැනගමු!
