Image Not Found

අලේක් කියන්නේ හරිම අවුල් තරුණයෙක්. සූදුවට ඇබ්බැහි වෙලා, ණය වෙලා ජීවිතේ නැති කරගෙන. දවසක් එයාට හම්බවෙනවා කවදාවත් දැකලා නැති මාමා කෙනෙක්. එයා කියනවා අලේක්ගේ හැම ණයක්ම ගෙවලා දාන්නම්, හැබැයි එක කොන්දේසියක් තියෙනවා කියලා.
ඒ තමයි, කැනඩාවේ තියෙන පරම්පරාගත ගෙදරක අවුරුද්දක් ජීවත් වෙන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැති නිසා අලේක් මේකට කැමති වෙනවා.

අලුත් ගමට ගියාට පස්සේ අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා මිනිස්සුන්ව සනීප කරන්න පුළුවන් අද්භූත හැකියාවක් තමන්ට තියෙනවා කියලා. මේක එයාට ඕන දෙයක් නෙවෙයි, එයා කරන්නෙත් නැහැ කියලා පස්සට යනවා.

හැබැයි, දරුණු පිළිකාවක් තියෙන ගැහැණු ළමයෙක් අලේක්ව හොයාගෙන එනවා. එයා මේ තරුණයාට බල කරනවා එයාගේ මේ දක්ෂතාවය පිළිඅරගෙන මිනිස්සුන්ට උදව් කරන්න කියලා.

ඇත්තටම අලේක් මේ අමුතු තෑග්ග පාවිච්චි කරයිද? එයාට එයාගේ අතීතේ කරදර අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙයිද? ඒකට මේ තරුණ කෙල්ලගේ බලපෑම කොහොමද දැනෙන්නේ? මේ හැමදේම දැනගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch