
The Hills Have Eyes 2 (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි | කාන්තාරයේ සැඟවුණු මරණය
අධ්‍යක්ෂණය: Martin Weisz ප්‍රධාන නළු නිළියන්: Michael McMillian, Jacob Vargas, Flex Alexander, Jessica Stroup
ඔන්න යාලුවනේ, ඔයාලා horror ෆිල්ම් වලට, ඒ කියන්නේ හොඳට බය හිතෙන ජාතියේ ෆිල්ම් වලට කැමති නම් මේක ඔයාලට මාරම අත්දැකීමක් වේවි. The Hills Have Eyes 2 (2007) කියන්නේ කාන්තාරයක් මැද සිද්ධ වෙන ත්‍රාසජනක සිදුවීම් මාලාවක් ගැන කියවෙන කතාවක්.
කතාව පටන් ගන්නේ ජාතික ආරක්ෂක බළකායේ (National Guard) පුහුණුවීම් ලබන කණ්ඩායමක් එක්ක. මේ සෙට් එක එයාලගේ පුහුණුවීම් කටයුත්තකට නිව් මෙක්සිකෝවේ කාන්තාර ප්‍රදේශයකට යනවා. හැබැයි මෙයාලට කරන්න තියෙන්නේ නිකම්ම උපකරණ වගයක් භාර දෙන එක විතරයි. මුලින් නම් මේක හරිම සාමාන්‍ය ගමනක් වගේ තමයි පේන්නේ.
ඒත් වැඩේ පත්තු වෙන්නේ මෙයාලා අදාළ කඳවුරට ගියාට පස්සේ. එතන ඉන්න ඕන කවුරුත් පේන්න නෑ. මුළු ප්‍රදේශයම පාළු සොහොනක් වගේ. මේ අතරේ මෙයාලට රේඩියෝ සිග්නල් එකක් ලැබෙනවා උදව් ඉල්ලලා. ඉතින් අපේ වීරයෝ ටික තීරණය කරනවා මේ ගැන හොයලා බලන්න කඳුකර ප්‍රදේශයට යන්න. අන්න එතැනදී තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. මේ කඳු අතරේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. විකෘති වෙච්ච, මිනී මස් කන භයානක සත්තු වගේ පිරිසක් මේ කඳුකරයේ හැංගිලා ඉන්නවා.
මේ සොල්දාදුවන් කණ්ඩායම එකින් එකා මේ විකෘති මිනිස්සුන්ගේ ගොදුරු බවට පත් වෙනකොට දැනෙන බය ගැන කියන්න වචන නෑ. ඔවුන්ට තමන්ගේ ආයුධ වලිනුත් ලොකු වැඩක් ගන්න බැරි වෙනවා. මේ කඳුකරේ හැංගිලා ඉන්න අය උගුල් අටවන්න හරිම දක්ෂයි. ඉතින් මේ අහිංසක සොල්දාදුවන්ට මේ නරකාදියෙන් බේරිලා යන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම මේ කඳුකරයේ පස් යට සැඟවිලා යයිද? ඇඟ හිරිවැටෙන ජවනිකා, ලේ පිරුණු දර්ශන එක්ක කුතුහලය පිරි The Hills Have Eyes 2 චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.
