Image Not Found

ටෙසා කියන්නෙ ෆොටෝ ගන්න පිස්සුවක් තියෙන, ටිකක් තමන්ගෙ පාඩුවෙ ඉන්න හයිස්කූල් කෙල්ලෙක්. එයා ආදර සම්බන්ධකම් වලට එච්චර කැමති කෙනෙක් නෙවෙයි. ඒත් දවසක් එයාට හම්බවෙනවා ස්කයිලර්ව. ස්කයිලර් කියන්නෙ වෙන ටවුන් එකක ඉන්න, හරිම ආදරණීය, හැමදේම සුබවාදීව දකින කොල්ලෙක්. කොහොමහරි මේ දෙන්නා අතරෙ ලස්සන ආදර කතාවක් පටන් ගන්නවා.

ඒත් මේ සතුට වැඩි කල් තියෙන්නෙ නෑ. හිතන්නෙවත් නැති විදිහට, දරුණු කාර් ඇක්සිඩන්ට් එකකින් ස්කයිලර් මැරෙනවා. ටෙසාගෙ මුළු ලෝකෙම එතනින් කඩාගෙන වැටෙනවා.
ෆිල්ම් එකේ කුතුහලය පටන් ගන්නෙ මෙන්න මෙතනින්. ස්කයිලර් මැරුණත්, එයා සම්පූර්ණයෙන්ම එයාව දාලා ගිහින් නෑ කියලා ටෙසාට තේරෙන්න ගන්නවා. එයා මැරුණු ලෝකෙයි, ජීවත්වෙන අයගෙ ලෝකෙයි “අතර මැද” (The In-Between) තැනක ඉඳන් ටෙසාට මොනවදෝ වැදගත් දෙයක් කියන්න උත්සාහ කරනවා වගේ අමුතු සිග්නල්ස් එන්න පටන් ගන්නවා.

මේ එයාට දැනෙන දේවල් ඇත්තද? නැත්නම් ඒ ස්කයිලර් නැති වුණු දුකට එයාගෙ හිත මවාගන්න දේවල්ද? ස්කයිලර් ඇත්තටම එහා ලෝකෙ ඉඳන් එයාට මොකක්ද කියන්න හදන්නෙ? එයාලගෙ ආදර කතාවට අන්තිමට මොනවා වෙයිද? “The In Between” කියන්නෙ ඒ වගේ හිතට වදින, අද්භූත විදිහෙ ආදර කතාවක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.