Image Not Found

The Intruder (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ස්කොට් සහ ඇනී කියන මේ අලුත් විවාහක යුවළ, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා, නාපා වැලීවල තියෙන ලස්සන, විශාල ගෙයක් මිල දී ගන්නවා. ඇනී නම් මේකට හරිම ආසයි, ඒත් ස්කොට් ටිකක් අකමැත්තෙන් ඉන්නේ.

ගෙදර කලින් අයිතිකාරයා තමයි චාලි. ඇත්තටම හරිම හොඳ, කාරුණික මනුස්සයෙක් වගේ තමයි මුලින්ම පේන්නේ. එයා කියන්නේ, එයාට මේ ගෙදරින් යන්න අමාරුයි, මොකද එයාගේ මුළු ජීවිතේම මේ ගෙදරට බැඳිලා තියෙන්නේ කියලා.

ඒත්… ටිකෙන් ටික චාලි හැසිරෙන විදිහ වෙනස් වෙන්න ගන්නවා.
පොඩි පොඩි දේවල් වලින් පටන් අරගෙන, එයා මේ අලුත් ගෙදරට නිතරම එනවා යනවා. අහන්නේවත් නැතුව ගෙවත්තේ වැඩ කරනවා, තව තවත් ගෙදරට ඇතුල් වෙන්න හදනවා. ස්කොට්ට නම් දැන් තේරෙනවා මේකේ අවුලක් තියෙනවා කියලා, ඒත් ඇනී හිතන්නේ චාලි තනිකඩ, අසරණ මනුස්සයෙක් විතරයි කියලා.

ඒත් මේක හුදෙක් සරල බැඳීමක් විතරක් නෙවෙයි. චාලි මේ ගෙදරින් යන්න කොහෙත්ම ලෑස්ති නැහැ. එයාගේ සැබෑ අරමුණ… හරිම භයානකයි.

ගෙදර දොරේ අයිතියට වඩා, ඔහු වෙනත් භයානක රහසක් සඟවාගෙන ඉන්නවා. ඒ රහස ඇනීගේ සහ ස්කොට්ගේ ජීවිත බිලිගන්න තරම් දරුණුයි. දැන් මේ යුවළට තේරෙනවා, තමන්ගේ හීන මාලිගාව… ඇත්තටම මාරයාගේ උගුලක් වෙලා කියලා!
ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්නම ඕනේ.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.