Image Not Found

The Invisible Guest (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකෙ ප්‍රධාන චරිතය තමයි ඒඩ්‍රියන් ඩෝරියා. මිනිහා ලොකු, සල්ලිකාර බිස්නස්කාරයෙක්. හැමදේම තියෙන කෙනෙක්. ඒත් එක දවසක මෙන්න මේකා ලොකු අවුලක පැටලෙනවා.

ඒඩ්‍රියන්ව අහුවෙනවා හොටෙල් කාමරයක් ඇතුළේ, එයාගේ රහස් පෙම්වතිය (ලෝරා) මැරිලා ඉද්දි. වැඩේ කියන්නෙ, කාමරේ දොරවල් ජනෙල් ඔක්කොම ඇතුළෙන් ලොක් කරලා. එතන ඉඳලා තියෙන්නෙ ඒඩ්‍රියනුයි, මැරිච්ච ලෝරයි විතරයි. හැම සාක්ෂියක්ම තියෙන්නෙ ඒඩ්‍රියන්ට විරුද්ධව.

ඒත් ඒඩ්‍රියන් කියන්නෙ, “මම මිනීමැරුවෙ නෑ! කාමරේ තව කෙනෙක් හිටියා!” කියලා. ඒත් කොහොමද ඇතුළෙන් ලොක් කරපු කාමරේකට තව කෙනෙක් එන්නෙ?

දැන් මිනිහව බේරගන්න එනවා සුපිරිම දක්ෂ නීතිඥවරියක්, වර්ජිනියා ගුඩ්මන්. එයාට තියෙන්නෙ හරිම ටික වෙලාවයි ඒඩ්‍රියන්ගෙන් ඇත්ත කතාව අහගෙන, උසාවියට ගැලපෙන කතාවක් හදාගන්න.

ඒඩ්‍රියන් එයාගෙ කතාව කියන්න පටන් ගන්නවා. ඒත් මේ කතාව අර හොටෙල් කාමරේ සිද්ධිය විතරක් නෙවෙයි. ඊට මාස කීපයකට කලින් වුණු, පාරෙ වුණු ඇක්සිඩන්ට් එකක්… අතුරුදහන් වුණු තරුණයෙක්… මේ හැමදේම එකට පැටලිලා තියෙන්නෙ.

නීතිඥවරිය ඒඩ්‍රියන් කියන හැම වචනයක්ම ප්‍රශ්න කරනවා. එයා කියන කතාවෙ හිල් හොයනවා.

ඇත්තටම එදා හොටෙල් කාමරේ මොකද වුණේ? ඒඩ්‍රියන් ඇත්තද කියන්නෙ? එයා මොනවා හරි හංගනවද? නැත්නම් මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ කවුරුත් නොදකින “අදිසි අමුත්තෙක්” ද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.