
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හොල්මන් ෆිල්ම් (Horror Movies) බලන්න ආස අයට මෙන්න නියම භාණ්ඩයක්. The Jack in the Box: Awakening (2022) කියන්නේ ඇඟ වෙව්ලන විදිහේ කතාවක්. කතාවේ ඉන්නේ වයසක කාන්තාවක්, එයා මාරාන්තික ලෙඩකින් ඉන්නේ. මැරෙන්න කලින් කොහොම හරි ජීවත් වෙන්න ක්‍රමයක් හොයන මෙයාට අමුතු පරණ පෙට්ටියක් හම්බවෙනවා. මේක නිකන්ම නිකන් සෙල්ලම් බඩු පෙට්ටියක් නෙවෙයි, මේක ඇතුළේ ඉන්නේ අවුරුදු ගාණක් හිරවෙලා ඉන්න භයානක යක්ෂයෙක්.
මේ යක්ෂයා (Jack) නිදහස් කළොත් ඕනෑම ප්‍රාර්ථනාවක් ඉටු කරනවා කියලා මේ කාන්තාව දැනගන්නවා. හැබැයි ඒකට ලොකු වන්දියක් ගෙවන්න ඕනේ. ඒ තමයි පණ තියෙන බිලි පූජා. ඉතින් මේ ගෑනු කෙනා තමන්ගේ රෝගය සුව කරගන්න ඕනෑකමට මිනිස්සුන්ව මේ යක්ෂයාට බිල්ලට දෙන්න පටන් ගන්නවා. පටන් ගනිද්දී එක බිල්ලක් වුණාට, මේ යක්ෂයාගේ බඩගින්න එන්න එන්නම වැඩි වෙනවා.
මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ අඳුරු සහ බය හිතෙන වාතාවරණයක්. අර පෙට්ටිය ඇරෙන සද්දෙට පවා ඔයාලට බය හිතෙයි. ගෙදර ඇතුළේ ඉන්න මිනිස්සු එකින් එකා අතුරුදන් වෙද්දී, ඉතිරි වෙන අයට මේ රකුසාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම අර පෙට්ටිය ඇතුළටම බිලි වෙයිද? භීෂණ රසය උපරිමයෙන් විඳින්න කැමති නම් අදම නරඹන්න.
