Image Not Found

The Legend of Bagger Vance (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක වෙන්නේ 1930 ගණන්වල, මහා ආර්ථික පරිහානිය කාලේ. කතාවේ වීරයා තමයි රන්නල්ෆ් ජූනු. එයා ඉස්සර ගොල්ෆ් ගහන්න උපන් හපනෙක්, නගරයේම වීරයා. ඒත් පළවෙනි ලෝක යුද්ධෙට ගිහින් ආපහු එන්නේ ජීවිතේම එපා වෙච්ච, කඩා වැටුණු මනුස්සයෙක් විදිහට. එයා ගොල්ෆ් ගහන එක සම්පූර්ණයෙන්ම නවත්තලා, හැමෝගෙන්ම ඈත් වෙලා ජීවත් වෙනවා.

ඔය අතරේ, ජූනුගේ පරණ පෙම්වතිය ඇඩෙල්, එයාගේ තාත්තා හදපු සුපිරි ගොල්ෆ් පිට්ටනිය බංකොලොත් වෙන එකෙන් බේරගන්න දඟලනවා. ඇය ලොකු අදහසක් ගේනවා. ඒ තමයි, ඒ කාලේ හිටපු ලෝකයේ දක්ෂතම ගොල්ෆ් ක්‍රීඩකයන් දෙන්නෙක් (බොබී ජෝන්ස් සහ වෝල්ටර් හේගන්) ගෙන්නලා ලොකු ප්‍රදර්ශන තරගයක් තියන්න.

ඒත් නගරයේ මිනිස්සු එක කොන්දේසියක් දානවා. මේ තරගෙට එයාලගේ පැත්තෙන් එයාලගේ වීරයා, ඒ කියන්නේ ජූනුවත් සෙල්ලම් කරන්න ඕනේ. ප්‍රශ්නේ කියන්නේ, ජූනුට දැන් හරියට පිත්තක්වත් අල්ලගන්න බෑ. එයාට එයාගේ “නියම ස්වින්ග් එක” (authentic swing) නැතිවෙලා.

හරියටම මේ වෙලාවේ, කළුවරත් එක්කම එකපාරටම අභිරහස් චරිතයක් මතුවෙනවා. එයාගේ නම බෑගර් වෑන්ස්. එයා ඇවිත් ජූනුට කියනවා එයාගේ ‘කැඩී’ (caddie – උදව්කාරයා) වෙන්නම් කියලා.

හැබැයි මේ බෑගර් වෑන්ස් කියන්නේ නිකන්ම බෑග් උස්සන කෙනෙක් නෙවෙයි. එයා ජූනුට ගොල්ෆ් ගැන නෙවෙයි, ජීවිතේ ගැන අමුතු දේවල් කියලා දෙනවා.

ලෝක ශූරයෝ දෙන්නෙක් එක්ක තරග කරන්න ගිය කඩා වැටිච්ච ජූනුට, මේ අමුතු මනුස්සයාගේ උදව්වෙන් ආයෙමත් නැගිටින්න පුළුවන් වෙයිද? ඇත්තටම කවුද මේ බෑගර් වෑන්ස්?

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.