Image Not Found

The Lego Star Wars Holiday Special (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දන්නවනේ, ‘First Order’ එක පැරදුණාට පස්සේ එන පළවෙනි ‘Life Day’ එකට තමයි කතාව පටන් ගන්නේ. හැමෝම ‘Life Day’ සැමරීමට ලකලෑස්ති වෙන අතරේ, ‘රේයි’ (Rey) නම් ඉන්නේ පොඩි අවුලකින්. එයා ‘ෆින්ට’ (Finn) ‘ජෙඩායි’ පුහුණුව දෙනවා, ඒත් ඒක හරියට වෙන්නේ නැහැ කියලා එයාට හිතෙනවා.

ඉතින්, ‘රේයි’ ‘ෆෝස්’ (Force) එක ගැන තව දැනුමක් හොයාගෙන, පරණ ‘ජෙඩායි’ පන්සලකට යනවා. එතනදී එයාට හම්බවෙනවා වෙලාව හරහා ගමන් කරන්න පුළුවන් රහස් යතුරක්.
දැන් තමා වැඩේ පටන් ගන්නේ!

මේ යතුර නිසා ‘රේයි’ එකපාරටම ‘ස්ටාර් වෝර්ස්’ කතාවේ විවිධ කාලවලට විසි වෙනවා. එයාට පුළුවන් වෙනවා ‘ලූක් ස්කයිවෝකර්ගේ’ විවිධ වයස්වල ඉන්න අවස්ථා, ‘ඩාර්ත් වේඩර්’, ‘එම්පරර් පැල්පටයින්’ වගේ අයව මුණගැහෙන්න. ඒත්, ‘පැල්පටයින්’ මේ යතුර ගැන දැනගත්ත ගමන්, කතාවේ ඉතිහාසයම වෙනස් කරන්න හදනවා!

අනේ මන්දා, ‘රේයි’ට පුළුවන් වෙයිද මේ හැම අවුලක්ම සමථයකට පත් කරලා, වෙලාවට ‘Life Day’ සැමරීමට එන්න? ඒක නම් බලලම දැනගන්න ඕන දෙයක්!

ඒ වුණාට… අපේ ‘රේයි’ට මේ වෙලාවෙදී ලොකු පාඩමක් ඉගෙන ගන්න වෙනවා. ඒ මොකක්ද දන්නවද? ‘ෆෝස්’ එකේ රහස තියෙන්නේ බලයේ විතරක් නෙවෙයි, යාළුකමයි පවුලෙයි කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.