
The Librarian III: The Curse of the Judas Chalice (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ෆ්ලින් කාර්සන් ටිකක් කලකිරිලා ඉන්නේ. මොකද, අර ‘අවදානම්’ රස්සාව නිසා ගර්ල්ෆ්‍රෙන්ඩ්ව එහෙම නැතිවෙලා. ඉතින්, ටිකක් නිවාඩු දාලා හිත හදාගන්න නිව් ඕර්ලියන්ස් වලට යනවා.
හැබැයි, එතනදි තමයි වැඩේට අත ගැහෙන්නේ!
ෆ්ලින්ට අමුතු හීනයක් පෙනෙනවා, ඒකෙන් පස්සේ එයාට හොයාගන්න ලැබෙනවා මාරම භයානක පුරාවස්තුවක් ගැන- ඒ තමයි ජූදස් ගොබ්ලට් එක හෙවත් ‘The Judas Chalice’.
දැන් මේක මොකක්ද දන්නවද? මේක තමයි වැම්පයර් ලෝකයේ ශුද්ධ ග්‍රේල් එක වගේ එක. මේක පාවිච්චි කරලා මැරුණු අයව ආපහු නැගිට්ටවන්න පුළුවන්.
හැබැයි මේ ගොබ්ලට් එක හොයන්නේ අපේ ෆ්ලින් විතරක් නෙවෙයි. හිටපු KGB නියෝජිතයෝ පිරිසක් ඉන්නවා, එයාලගේ පරමාර්ථය තමයි වැම්පයර්ලගේ රජ්ජුරුවෝ වන වැලඩ් ඩ්‍රැකියුලාව ආපහු ජීවත් කරවලා පරණ සෝවියට් සංගමය ගොඩනගන්න.
මෙතනදි ෆ්ලින්ට හම්බවෙනවා ලස්සන අද්භූත ගැහැණියක්, සිමෝන්. සිමෝන් කියන්නේ කවුද, එයාගේ ඇත්ත කතාව මොකක්ද, එයා වැම්පයර්ලට උදව් කරයිද නැත්තම් ෆ්ලින්ට උදව් කරයිද… මේ හැමදේම තීරණය වෙන්නේ අන්තිමට ජූදස් ගොබ්ලට් එක කාගේ අතට යයිද කියන එකෙන්!
ෆ්ලින්ට පුළුවන් වෙයිද මේ භයානක පුරාවස්තුව වැරදි අතට නොදී ලෝකේ බේරගන්න? බලන්න එහෙනම්!
