
1890 ගණන් වල, හුදකලා දූපතක තියෙන ලයිට් හවුස් (Lighthouse) එකක්. එතන ඉන්නවා මහළු, අද්දැකීම් බහුල මුරකරුවෙක් සහ අලුතින් වැඩට ආපු තරුණ සහායකයෙක්.
මේ දෙන්නට සිද්ධ වෙනවා සති හතරක කාලයක් එකට වැඩ කරන්න. මහළු කෙනා හරිම අණ දෙන, අමුතු පුරුදු තියෙන කෙනෙක්. එයා තරුණ කෙනාට ලයිට් හවුස් එකේ උඩම තියෙන ‘ආලෝකය’ බලන්න දෙන්නෙම නැහැ. ඒක එයාගෙ රාජකාරිය ලු!
ඔහොම වැඩ කරන අතරේ, දවසින් දවස මේ දූපතේ තනිකමයි, එන කුණාටුයි, දෙන්නා අතර තියෙන හැලහැප්පීම් වගෙම, සමහර අද්භූත දේවලුත් නිසා, තරුණයාට හිතු මතේට වැඩ වෙන්න පටන් ගන්නවා. එයාට සෑහෙන විකාර දර්ශන පේනවා.
අන්තිමේදී, කාලගුණය නරක අතට හැරිලා, මේ දෙන්නා ලයිට් හවුස් එකේ සිර වෙනවා. කෑම බීමත් ඉවරයි, බීලා බීලා මරේට කල් අරිනවා. තනිකම, බය, කුතුහලය, වගේම දෙන්නාගේ සැඟවුණු රහස් නිසා, මේ දෙන්නාගේ හිත් ඇතුළෙ තියෙන පිස්සුව ටිකෙන් ටික එළියට එන්න ගන්නවා.
ඇත්තටම මේ දෙන්නට මොකක්ද වෙන්නේ? ලයිට් එකේ උඩම මොකක්ද තියෙන්නේ? මේ දෙන්නාගෙන් කවුද පිස්සු වැටෙන්නේ? එහෙමත් නැත්නම්… දෙන්නටම පිස්සුද?
මේක ඔයාම බලලා දැනගන්න වෙනවා! හැබැයි එකක් කියන්නම්… මේක හරිම ‘අඳුරු’ ගමනක්.
