Image Not Found

The Loft (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක තනිකරම යාලුවෝ පස් දෙනෙක්ගේ රහසක් වටා ගෙතුණු එකක්.
මේ යාලුවෝ පස් දෙනා කසාද බැඳපු අය. ඒත් හැමෝටම වගේ තමන්ගේ ගෑණුන්ට හොරෙන් තව සබඳතා තියාගන්න ඕනේකමක් තියෙනවා. ඉතින්, එයාලා කවුරුවත් නොදන්න, හොඳ ලොෆ්ට් එකක් (Loft) රහසින් අරගෙන, එයාලගේ හොර සම්බන්ධතා පවත්වාගෙන යන්න පාවිච්චි කරනවා. මෙහි යතුරු තියෙන්නේ මේ පස් දෙනාට විතරයි.

හැමදේම හොඳට සිද්ධ වෙන අතරේ, එක දවසක් එයාලට ලොෆ්ට් එකේ ඇඳ උඩින් මරපු ගෑණු කෙනෙක්ගේ මළ සිරුරක් හම්බෙනවා! දැන් වැඩේ අවුල්.
යතුරු තියෙන්නේ පස් දෙනාට විතරක් නිසා, මේ අපරාධය කරේ මේ පස් දෙනාගෙන් කෙනෙක් වෙන්න ඕන.

දැන් මේ යාලුවෝ පස් දෙනා එකිනෙකාට සැක කරන්න පටන් ගන්නවා. තමන්ගේ රහස් එළියට ඒවිද, මේ මිනීමැරුම කරේ කවුද කියන කුතුහලය ඇතුළේ එයාලගේ යාළුකම බිඳිලා යනවා.

ඇත්තටම මේ ලොෆ්ට් එකට ඇවිත් තියෙන්නේ කවුද? මිනීමරුවා මේ පස් දෙනාගෙන් කෙනෙක්ද? එහෙම නැත්නම් මේ කතාව ඇතුළේ තව ලොකු රහසක් තියෙනවද? කතාව බලලාම දැනගන්නකෝ.

The Loft 2014: විශ්වාසය, රහස්, සහ මිනීමැරුම වටා ගෙතුණු අද්භූත කතාවක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.