Image Not Found

The Lucky One (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඇමරිකන් මැරීන් සෙබළෙක්, ඒ කියන්නේ ‘ලෝගන්’ (Logan). එයා ඉරාකයේ යුද්දෙට ගිහින් ඉන්නකොට, අනතුරක් වෙන්න තත්පරේකට කලින් එයාට පාරේ වැටිලා තියෙන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් හම්බවෙනවා. හිතන්න, ඒ ෆොටෝ එක නිසාම එයාට මරණයෙන් බේරෙන්න ලැබෙනවා. එදා ඉඳන් එයාට හිතෙන්නේ ඒ කෙල්ල තමයි එයාට වාසනාව ගෙනාවේ කියලා.

යුද්දෙ ඉවර වෙලා ගෙදර ආවාට පස්සේ ලෝගන් තීරණය කරනවා, කොහොම හරි මේ කෙල්ලව හොයාගෙන ගිහින් ස්තූති කරන්න ඕනේ කියලා. අන්තිමට, හරිම අමාරුවෙන් එයා මේ කෙල්ලව හොයා ගන්නවා. එයාගේ නම ‘බෙත්’ (Beth).

හැබැයි වැඩේ කියන්නේ, කෙල්ලට තියෙනවා තමන්ගේම ප්‍රශ්න ටිකක්. එයා පවුලත් එක්ක බලු පැටව් බලාගන්න තැනක් කරගෙන ඉන්නේ. ලෝගන්, තමන් ආපු ඇත්ත හේතුව කියන්නේ නැතුව, එයාගේ ළඟම රැකියාවකට එකතු වෙනවා.

දැන් ඉතින් අර ‘වාසනාවන්ත’ ෆොටෝ එක අරගෙන ආපු කොල්ලා, තමන්ගේ හිත ගිය කෙල්ල ළඟ වැඩ කරනවා. මේ දෙන්නා අතර හිතවත්කමක් ඇතිවෙනවා. ඒත් මේක ලේසි වෙයිද? මොකද, ලෝගන් සඟවාගෙන ඉන්න ලොකු රහසක් තියෙනවා නේ. ඒ රහස දැනගත්තම බෙත්ගේ ජීවිතේ මොනවා වෙයිද? ඇත්තටම, ලෝගන් බෙත්ට වාසනාව ගෙනාපු කෙනාම වෙයිද? එහෙමත් නැත්නම්, ප්‍රශ්න ගොඩක් අරගෙන ආපු කෙනෙක් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.