
The Man with the Iron Heart (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව දිගහැරෙන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි බලය මුළු යුරෝපය පුරාම තදින්ම පැතිරෙන කාලේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි රයින්හාඩ් හෙයිඩ්‍රික් (Reinhard Heydrich).
මෙයා කියන්නේ නාසි පාලනයේ හිටපු, අතිශයින්ම දරුණු චරිතයක්. අවසාන විසඳුම (Final Solution) කියලා යුදෙව්වන් සමූලඝාතනය කරන්න සැලැස්මක් හැදුවෙත් මෙයා තමයි. ඒ වගේම යකඩ හදවතක් ඇති මිනිසා (Man with the Iron Heart) කියලා මෙයාට නමක් පටබැඳිලා තිබුණේ ඒකයි.
චිත්‍රපටයේ මුල් කොටසින් පෙන්නන්නේ හෙයිඩ්‍රික් කියන චරිතය නාවික හමුදාවේ ඉඳලා කොහොමද නාසි පක්ෂයට එකතු වෙලා, ටිකෙන් ටික ලොකු බලවතෙක් බවට පත් වුණේ කියලා. මේ පිටුපස එයාගේ බිරිඳ වන ලීනාගේ බලපෑමත් තදින්ම තිබුණා.
ඊට පස්සේ කතාව මාරු වෙනවා. චෙකොස්ලොවැකියාවේ ඉඳන් එංගලන්තයට පැනලා ගිය සටන්කාමීන් දෙන්නෙක් තමන්ගේ ජීවිත පරදුවට තියලා විශාල මෙහෙයුමකට සූදානම් වෙනවා. ඒ තමයි ප්‍රාග් නගරයේ ඉන්න මේ අති දරුණු නාසි නායකයා, ඒ කියන්නේ රයින්හාඩ් හෙයිඩ්‍රික්ව ඝාතනය කිරීම.
මේ ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කරන හැටි, ඒ වෙනුවෙන් ඔවුන් විඳින දුක් ගැහැට සහ ඊට පස්සේ වෙන දේ තමයි මේ චිත්‍රපටයේ ඇතුළේ කුතුහලය දනවන විදිහට පෙන්නන්නේ. හෙයිඩ්‍රික්ට මොකද වෙන්නේ? ඒ වීරෝදාර සටන්කාමීන්ට මොන ඉරණමක් අත් වෙයිද? බලන්නම වටින කතාවක්!
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
The Man with the Iron Heart (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
