Image Not Found

The Monkey King: Havoc in Heaven’s Palace (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

චීන ජනප්‍රවාද වල එන “සන් වුකොන්ග්” එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න වඳුරු රජාගේ කතාව අලුත්ම විදිහකට තමයි The Monkey King: Havoc in Heaven’s Palace චිත්‍රපටයෙන් අරන් එන්නේ. මේකේ තියෙන Visual Effects සහ නිර්මාණශීලීත්වය ඇත්තටම මරු. කතාව පටන් ගන්නේ අහසෙන් වැටුණු මැජික් ගලකින් වඳුරෙක් ඉපදෙන තැනින්. මේ වඳුරා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, එයාට පුදුම විදිහේ බලයක් තියෙනවා.

ඩොනී යෙන් තමයි වඳුරු රජාට පණ පොවන්නේ. එයාගේ දඟකාරකම්, හිතුවක්කාරකම් නිසා මුළු ස්වර්ගයම කැළඹෙනවා. එයාට ඕන වෙන්නේ මරණය ජයගෙන අමරණීය වෙන්න. ඒ වෙනුවෙන් එයා කරන සෙල්ලම් බලන්න ලස්සනයි. හැබැයි මේ අතරේ “ගව රජා” (Bull Demon King) බලන් ඉන්නේ ස්වර්ගයට පහර දීලා ඒක අල්ලගන්න. එයා වඳුරු රජාව රවට්ටලා තමන්ගේ පැත්තට ගන්න හදනවා.

වඳුරු රජා ස්වර්ගයේ තියෙන පීච් පලතුරු කන හැටි, රත්තරන් පොල්ල (Staff) හොයාගන්න හැටි සහ දෙවිවරුන් එක්ක කරන සටන් හරිම විනෝදජනකයි. ඒත් එක්කම ලොකු කුතුහලයක් තියෙනවා වඳුරු රජා ඇත්තටම කාගේ පැත්ත ගනීද කියලා. එයා ස්වර්ගය විනාශ කරයිද? නැත්නම් ඒක බේරගනීද? මුළු පවුලටම එකට ඉඳලා බලන්න පුළුවන් සුපිරි ෆැන්ටසි චිත්‍රපටයක් තමයි මේක. අවසානයේ බුදුන් වහන්සේ සහ වඳුරු රජා අතර ඇතිවන සිදුවීමත් හරිම ලස්සනට මෙහි නිරූපණය කරලා තියෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
📥 Direct download