Image Not Found

The Monuments Men (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දෙවන ලෝක යුද්ධය කියන්නේ හැමෝම දන්න විනාශයක්නේ. ඒත් මේ කතාවේ වෙනම පැත්තක් තමා පෙන්නන්නේ.

සාමාන්‍ය සටන් ගැන නෙවෙයි. නාසීන්ගේ විනාශයට හසු නොවී බේරාගන්න ඕන ලෝකේ වටිනාම කලා නිර්මාණ ටික. චිත්‍ර, ප්‍රතිමා, ඓතිහාසික වස්තු!

ඉතින්, ඇමරිකානු ජනාධිපතිගෙන් අවසර අරගෙන ෆ්‍රෑන්ක් ස්ටෝක්ස් කියන කලා ඉතිහාසඥයා අමුතුම හමුදා කණ්ඩායමක් හදනවා. ඒකේ ඉන්නේ කෞතුකාගාර අධ්‍යක්ෂවරු, කලා ඉතිහාසඥයෝ, මූර්ති ශිල්පියෝ වගේ කලා විශේෂඥයෝ.

මේ කට්ටියට තියෙන්නේ සටන් බිමට ගිහින්, නාසීන් හොරකම් කරලා හංගපු, සමහරවිට විනාශ කරන්න ලෑස්ති කරපු වටිනාම කලා නිධන් හොයාගෙන බේරගන්න එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ වස්තු තියෙන්නේ යුද්ධය මැද. ඒ වගේම, යුද්ධය ඉවර වෙද්දී රුසියානු හමුදාවනුත් මේවා අත්පත් කරගන්න ඉක්මනට එනවා.

ජීවිතේ අනතුරේ දාගෙන, මේ ‘Monuments Men’ලා ලෝක සංස්කෘතිය බේරගන්න දරණ වීරෝදාර උත්සාහය තමා මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ. එයාලට පුළුවන් වෙයිද මේ වටිනා දේවල්, ඒවා අයිති අයටම නැවත බාර දෙන්න? බලන්නකෝ එහෙනම්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.