Image Not Found

The Murder of Joanna Yeates (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

2010 නත්තලට පෙර අතුරුදහන් වුණු තරුණියකගේ ත්‍රාසජනක සත්‍ය කතාව තමයි මේ.
ඇය නමින් ජොඇනා යේට්ස්. බ්‍රිස්ටල්වල තමන්ගෙ මහල් නිවාසයේ හිටිය ඇය හදිසියේම අතුරුදහන් වෙනවා. පොලිසිය විමර්ශන පටන් ගන්නවාත් එක්කම මුළු රටේම අවධානය මේ පැත්තට යොමු වෙනවා.

දින කිහිපයකට පස්සේ නත්තල් දාට ඇයගේ මළ සිරුර හිම යට තිබිලා හම්බ වෙනවා. මේ සිදුවීමත් එක්ක පොලිස් පරීක්ෂණය තවත් පුළුල් වෙනවා. හැබැයි මේ වෙලාවේ මාධ්‍යවල අවධානය යොමු වෙන්නේ වෙනත් අහිංසක මිනිසෙක් දිහාවට.

ඇයගේ ඉඩම් හිමියා වන ක්‍රිස්ටෝපර් ජෙෆරීස් සැකකාරයෙක් විදිහට අත්අඩංගුවට පත් වෙනවා. මාධ්‍යවල තියෙන පීඩනය නිසා ඔහුට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. මාධ්‍ය අනුමාන කරපු මිනීමරුවා ඔහු වුණත් ඇත්ත මිනීමරුවා වෙන්නේ වෙනත් කෙනෙක්.

මේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ ඇත්තටම ජොඇනාට මොකද වුණේ? මාධ්‍ය පීඩනය මේ නඩුවට කොහොමද බලපෑවේ? මේ ත්‍රාසජනක සිදුවීමේ අභිරහස හෙළිදරව් කරන්නේ කොහොමද කියන එකයි. ඇයගේ ඝාතකයා කවුද? සත්‍යය අවසානයේ ජය ගනීද? මේ චිත්‍රපටය බැලුවොත් ඔබට ඒ ගැන දැනගන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.