
The Other Boleyn Girl (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක 16 වෙනි සියවසේ එංගලන්තයේ කතාවක්. එකම පවුලේ රූමත් සොයුරියන් දෙදෙනෙක් ඉන්නවා, ඒ තමයි ඈන් බොලීන් සහ මේරි බොලීන්. එයාලගේ පවුලේ අයගේ එකම අරමුණ වෙන්නේ මේ දෙන්නාගෙන් එක්කෙනෙක් කොහොම හරි අටවැනි හෙන්රි රජුගේ අවධානයට ලක් කරලා තමන්ගේ තත්ත්වය උසස් කරගන්න එක.
ඉස්සෙල්ලම රජුගේ ඇහැ යන්නේ අහිංසක, ලස්සන මේරි දිහාට. පවුලේ අයගේ උවමනාවට එයාට සිද්ධ වෙනවා රජුගේ අනියම් බිරිඳ වෙන්න. මේරි ඇත්තටම රජුට ආදරය කරන්න පටන් ගන්නවා, ඒ වගේම රජුට දරුවෙක්ද ලැබෙනවා.
ඒත් ඈන් එච්චරටම සරල කෙනෙක් නෙවෙයි. එයා ප්‍රංශයෙන් ආපහු එන්නේ මේරිටත් වඩා ලොකු බලාපොරොත්තු එක්කයි. රජුට තව පුතෙක් ඕන වෙන නිසා, අන්තිමට ඈන්, මේරිගෙන් රජු ඈත් කරලා තමන්ගේ දැලට අල්ලා ගන්නවා.
ඈන්ගේ අරමුණ අනියම් බිරිඳක් වෙන එක නෙවෙයි, එයාට ඕන වෙන්නේ රජින වෙන්න!
දැන් මේ සොයුරියන් දෙදෙනා අතරේ හරිම දරුණු තරඟයක් ඇති වෙනවා රජුගේ ආදරය සහ බලය වෙනුවෙන්. රජින වෙන්න ඈන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙනවා. මේ නිසා රටේ දේශපාලනය, ආගමික තත්ත්වය පවා අවුල් වෙනවා. හැබැයි මේ බලයට තිබ්බ ආසාවේ අවසානය නම් එච්චර හොඳ එකක් වෙන්නේ නැහැ.
අන්තිමට මේ සොයුරියන්ට මොකද වෙන්නේ? ඔවුන්ගේ ජීවිත කොහෙන් නවතීද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා!
