Image Not Found

The Perfect Date (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාවේ ඉන්නවා බෲක්ස් රැටිගන් කියන කොල්ලා. මෙයාගේ ලොකුම හීනය තමයි ප්‍රසිද්ධ යේල් විශ්වවිද්‍යාලයට යන එක. හැබැයි එතනට යන්න ඕනෑ තරම් සල්ලි මෙයාට නෑ. සාමාන්‍ය ජීවිතයක් තමයි ගෙවන්නේ.

එක දවසක් එයාට චාන්ස් එකක් ලැබෙනවා සල්ලි දීලා එයාගේ පන්තියේ යාළුවෙක්ගේ ඥාති සහෝදරිය වෙන සේලියා ලිබර්මන්ගේ පාටි එකකට යන්න. ටිකක් අමුතු චරිතයක් වෙන සේලියා එක්ක ගියාම බෲක්ස්ට තේරෙනවා, “ආ… මේක හොඳ බිස්නස් එකක්නේ!” කියලා.

ඒකෙන් ආපු අදහස තමයි “Stand-In” කියන ඇප් එක හදන එක. මේ ඇප් එකෙන් පුළුවන්, ඕනෑම ගැහැනු ළමයෙකුට ඕනෑම වෙලාවකට, එයාට ඕනෑ විදිහේ ‘පර්ෆෙක්ට් ඩේට්’ එකකට බෲක්ස්ව කුලියට ගන්න. සල්ලිත් ලැබෙනවා, යේල් හීනෙත් ලං වෙනවා!

ඉතින් බෲක්ස් නොයෙකුත් චරිත රඟපානවා, නොයෙකුත් ඇඳුම් අඳිනවා. හැබැයි ඔය අතරේ, එයාට අවශ්‍ය කරන, එයා හිතන විදිහේ ‘පර්ෆෙක්ට් ගර්ල්’ වෙන ෂෙල්බිවත් හම්බ වෙනවා.

දැන් මෙතනදී තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. හැමෝටම ඕනෑ විදිහට රඟපානකොට, බෲක්ස්ට තමන්ගේ ඇත්ත අනන්‍යතාවය මොකක්ද කියලා අමතක වෙන්න පටන් ගන්නවා. සල්ලි හම්බ කරන, යේල් යන, ‘පර්ෆෙක්ට් ගර්ල්’ව දිනා ගන්න යන මේ ගමනේදී බෲක්ස්ට තේරේවිද… එයා ඇත්තටම කවුද? එයාට ඇත්තටම ඕනෑ මොකක්ද කියලා? ඒක දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.