
The Place Promised in Our Early Days (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව දිවෙන්නේ ලෝක යුද්ධයෙන් පස්සේ දෙකට බෙදුණු ජපානයක. උතුරු දිසාව “යූනියන්” කියන පාර්ශ්වය යටතේ. මේ පැත්තේ අහස උසට හදපු අද්භූත කුලුනක් තියෙනවා, ඒක තමයි කතාවේ කේන්ද්‍රය.
මේ දකුණු ජපානයේ ඉන්න පාසල් යන යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා – හිරෝකි, ටකුයා සහ සයුරි. එයාලාගේ ලොකුම හීනේ තමයි, පුළුවන් දවසක එයාලාම හදන ගුවන් යානාවකින් මේ කුලුන බලන්න යන එක. ඒකට එයාලා පොරොන්දුවකුත් වෙනවා.
හැබැයි, ඔය අතරේ සයුරි අතුරුදහන් වෙනවා. ඒත් එක්කම යානාවේ වැඩත් නවතිනවා, යාළුවෝ දෙන්නත් වෙන් වෙනවා.
දැන් අවුරුදු ගාණකට පස්සේ, හිරෝකිට දැනගන්න ලැබෙනවා සයුරි අතුරුදහන් වුණේ අහම්බෙන් නෙවෙයි කියලා. ඇය කෝමා තත්ත්වයක ඉන්නේ, ඒ වගේම ඇගේ සිහින මේ අද්භූත කුලුනත් එක්ක අමුතු විදිහකට සම්බන්ධ වෙලා තියෙනවා!
කතාව ටිකෙන් ටික එළිවෙද්දි, මේ කුලුන සැබෑ ලෝකයට පිටතින් තවත් ලෝකයක් සම්බන්ධ කරන්න හදන භයානක විද්‍යාත්මක ව්‍යාපෘතියක් බව හෙළි වෙනවා. ඒ වගේම, සයුරිගේ සිහින නිසයි මේ ලෝකේ තාමත් ආරක්ෂිතව තියෙන්නේ.
ඉතින්, හිරෝකි සහ ටකුයා ආයෙත් එකතු වෙනවා එයාලාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඒ කියන්නේ, යානාව හදලා සයුරිව අරන් ගිහින් කුලුන ළඟටම පියාඹන එක. ඒත් එහෙම කළොත් වෙන්නේ ලෝකය විනාශ වෙන එකද, නැත්නම් සයුරිව බේරගන්න එකද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය.
වෙන්වෙලා ගිය යාලුවෝ තුන් දෙනාට එයාලාගේ ළමා කාලේ පොරොන්දුව ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද? ඒත් මේක සාමාන්‍ය ගමනක් නෙවෙයි. මුළු ලෝකෙම ඉරණම එයාලගේ අතේ!
