Image Not Found

The Power (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයා හොල්මන් ෆිල්ම්ස් වලට කැමති කෙනෙක් නම් The Power (2021) කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මේ කතාව ගෙතෙන්නේ 1974 අවුරුද්දේ ලන්ඩන් නුවර රෝහලක් වටායි. ඒ කාලේ එංගලන්තයේ තිබුණු විදුලි අර්බුදය නිසා නගරයම අඳුරේ ගිලෙන වෙලාවක තමයි මේ සිදුවීම වෙන්නේ.

කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ වැල් (Val). එයා අලුතෙන්ම පුහුණු වෙන හෙදියක්. එයාගේ පළවෙනිම වැඩ මුරය වැටෙන්නේ අබලන් වුණු, හුදකලා රෝහලක. රෑ වෙද්දී නගරයේ විදුලිය විසන්ධි කරන නිසා රෝහලම තැතිගන්වනසුලු අඳුරකට වැටෙනවා. වැල්ට සිද්ධ වෙනවා පොඩි ඉටිපන්දම් එළියකින් මුළු රෝහලම පාලනය කරන්න. හැබැයි මේ අඳුර අස්සේ වැල් විතරක් නෙමෙයි ඉන්නේ. රෝහලේ බිත්ති අතර හැංගිලා ඉන්න අද්භූත බලවේගයක් වැල්ව පස්සෙන් එලවන්න ගන්නවා.

මේ බලවේගය මොකක්ද? ඒක වැල්ට විතරක් පේන්නේ ඇයි? රෝහල ඇතුලේ අවුරුදු ගාණක් තිස්සේ වළලලා තිබුණු රහසක් වැල් නිසා එළියට එනවා. ඔයා මේක බලද්දී අඳුරට තියෙන බය ආයෙත් අලුත් වෙයි. අවසානය වෙනකල්ම කුතුහලය උපරිමයෙන් තියාගන්න පුළුවන් සුපිරිම Horror එකක් තමයි මේක.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download