Image Not Found

The Pyramid (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඊජිප්තුවේ පිරමීඩ ගැන අපි කවුරුත් දන්නේ හරිම අද්භූත දේවල් විදිහටනේ. The Pyramid (2014) චිත්‍රපටයෙන් පෙන්නන්නේ අන්න ඒ වගේ අමුතුම පිරමීඩයක් ගැන. මේකේ විශේෂත්වය තමයි ලෝකයේ තියෙන අනිත් පිරමීඩ වගේ නෙවෙයි, මේකට තියෙන්නේ පැති තුනක් විතරයි. පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් මේ අලුත් සොයාගැනීම ගැන පරීක්ෂණ කරන්න යනවා. හැබැයි ඒ කාලේ ඊජිප්තුවේ ඇතිවුණු දේශපාලන කලබල නිසා මේ අයට ඉක්මනින්ම එතනින් අයින් වෙන්න සිද්ධ වෙනවා.

ඒත් එහෙම යන්න කලින් මේ අය තීරණය කරනවා “Shorty” කියන රොබෝවාව පිරමීඩය ඇතුළට යවලා එතන තියෙන තොරතුරු ටිකක් ගන්න. වැඩේ වැරදෙන්නේ එතනින්. මොකක් හරි නොපෙනෙන දෙයක් මේ රොබෝවට පහර දෙනවා. ඉතින් තමන්ගේ වටිනා උපකරණ ටික බේරගන්න මේ කණ්ඩායම පිරමීඩය ඇතුළට බහින්න තීරණය කරනවා. ඒක තමයි ඔවුන් ගත්ත දරුණුම තීරණය.

පිරමීඩය ඇතුළට ගිය ගමන්ම මාර්ගය වැහිලා ඔවුන් හිරවෙනවා. දූවිලි පිරුණු, පටු කාමර අතරේ ඔවුන් අතරමං වෙනවා විතරක් නෙවෙයි, යම්කිසි දරුණු දෙයක් ඔවුන් පස්සෙන් පන්නනවා කියලා තේරෙන්න ගන්නවා. ඒක මිනිහෙක්ද? සතෙක්ද? එහෙමත් නැත්නම් ඊජිප්තු පුරාවෘත්තවල එන දෙවියෙක්ද? මේ රහස දැනගන්න නම් පිරමීඩය ඇතුළේ තියෙන ප්‍රහේලිකා විසඳන්න ඔවුන්ට සිද්ධ වෙනවා. බියකරු උගුල් සහ කවුරුත් බලාපොරොත්තු නොවෙන මාරක සත්වයෙක් එක්ක කරන මේ සටන ඔයාලව අනිවාර්යයෙන්ම ගැස්සෙනවා නොඅනුමානයි.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch