The Quest for Tom Sawyer’s Gold (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Image Not Found

The Quest for Tom Sawyer’s Gold (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔන්න මුළු පවුලේ සැමටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, ඇඩ්වෙන්චර් (Adventure) නැත්නම් අභිරහස් ගවේෂණාත්මක චිත්‍රපට අතිශයින්ම ප්‍රිය කරන අයට කියාපු මූවී එකක්. ටොම් සෝයර් (Tom Sawyer) කියන නම ඇහුවත් අපිට මතක් වෙන්නේ පොඩි කාලේ කියවපු රසවත් කතා නේ. මේ ෆිල්ම් එක ගෙතිලා තියෙන්නෙත් අන්න ඒ වගේ නූතන ළමා පිරිසක් වටායි. කතාවේ ඉන්න බුද්ධිමත් සහ දඩබ්බර යාළුවෝ පිරිසකට අහම්බෙන් පරණ රහස් සිතියමක් හමුවෙනවා.

මේ සිතියමේ තියෙන්නේ ප්‍රසිද්ධ ටොම් සෝයර්ගේ අතිවිශාල රන් නිධානයක් සඟවලා තියෙන තැනක් ගැන රහස් ලකුණු. ඉතින් මේ ළමයි ටික එකතු වෙලා තීරණය කරනවා කාටවත්ම නොකියා මේ නිධානය හොයාගෙන යන්න. හැබැයි මේ ගමන එයාලා හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මඟ පෙන්වන සිතියමේ තියෙන ප්‍රහේලිකා විසඳන්න, භයානක කැලෑ මැදින් යන්න, වගේම නොහිතන විවිධ බාධක වලට මුහුණ දෙන්න මේ පොඩි අයට සිද්ධ වෙනවා.

කතාව තවත් උද්යෝගිමත් වෙන්නේ, මේ නිධානය පස්සේ පන්නන නපුරු හොරු කණ්ඩායමකුත් මේ ළමයි පස්සෙන් එන්න පටන් ගත්තමයි. දැන් මේ කට්ටියට නිධානය විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතත් බේරගෙන හොරුන්ට වඩා කලින් ඒ රත්තරන් තියෙන තැනට ළඟා වෙන්න සිද්ධ වෙනවා. යාළුකම, එකමුතුකම සහ ධෛර්යය ඉස්මතු කරන මේ ලස්සන චිත්‍රපටය, කුතුහලයෙන් සහ සිනහවෙන් පිරිලා තියෙනවා. අවසානයේ නිධානය හමුවෙයිද? එයාලා හොරුන්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
📥Direct download