Image Not Found

The Quiet (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක 2005 ආපු ටිකක් වෙනස් විදිහේ Psychological Thriller එකක්. Jamie Babbit තමයි අධ්‍යක්ෂණය කළේ. ප්‍රධාන චරිත විදිහට Elisha Cuthbert (නීනා ලෙස) සහ Camilla Belle (ඩොට් ලෙස) රඟපානවා. ඒ වගේම Edie Falco සහ Martin Donovan අම්මා සහ තාත්තාගේ චරිත වලට ඉන්නවා.

කතාව පටන් ගන්නේ ඩොට් (Dot) කියන තරුණ ගැහැණු ළමයාගෙන්. එයාට උපතින්ම කතා කරන්නත් බෑ, දේවල් ඇහෙන්නෙත් නෑ (Deaf and Mute). හදිසියේ එයාගේ තාත්තා නැති වුණාම, එයාට සිද්ධ වෙනවා එයාගේ බව්වන්ලාගේ (Godparents) ගෙදර නවතින්න යන්න.
බැලූ බැල්මට නම් මේක හරිම ලස්සන, සාමකාමී පවුලක්. පෝල් සහ ඔලිවියා කියන දෙමව්පියෝ එක්ක, නීනා (Nina) කියලා ඉස්කෝලේ හරිම ජනප්‍රිය, ලස්සන දුවෙක් මේ ගෙදර ඉන්නවා. නීනා නම් මුලින් ඩොට් මේ ගෙදරට එනවට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ.

හැබැයි වැඩේ තියෙන්නේ, ඩොට්ට ඇහෙන්නේ නෑ කියලා හිතාගෙන, මේ පවුලේ අය එයා ඉස්සරහා එයාලගේ අඳුරුම රහස් ගැන කතා කරන්නත්, හැසිරෙන්නත් ගන්නවා. නීනාගේ ජීවිතේ පිටින් පේන තරම් ලස්සන නෑ කියලත්, මේ ගෙදර තාත්තා සහ දුව අතරේ හිතාගන්න බැරි මට්ටමේ භයානක රහසක් තියෙනවා කියලත් ඩොට්ට හිමින් හිමින් තේරෙන්න ගන්නවා.

මේ ඔක්කොම දිහා බලන් ඉන්න නිහඬ ඩොට්, ඇත්තටම මොනවා කරයිද? එයා නිකන්ම බලාගෙන ඉඳියිද, නැත්නම් එයාටත් හංගපු රහසක් තියෙනවද? අන්තිම වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.