Image Not Found

The Ring Two (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මතකනේ පළවෙනි ෆිල්ම් එකේ රේචල් (Rachel) සහ එයාගෙ පුතා ඒඩන් (Aidan) අර ශාපලත් වීඩියෝ එක බලලා යන්තම් මරණයෙන් බේරුණා. ඔන්න ඉතින් එයාලා හිතනවා ඒ නපුරු සිදුවීම් ඔක්කොම අමතක කරලා, අලුත් තැනකට (ඇස්ටෝරියා කියන නගරයට) ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා.

හැබැයි, සමාරාගේ (Samara) ආත්මය එයාලව එච්චර ලේසියෙන් අතාරින්නේ නෑ.
මේ පාර කතාව තවත් බරපතළයි. සමාරාට දැන් ඕන වෙලා තියෙන්නේ ටේප් එක බලන අයව බය කරලා මරන්න විතරක් නෙවෙයි. එයාට ඕනේ ‘අම්මා’ කෙනෙක්. එයා උත්සාහ කරනවා රේචල්ගේ පුතා ඒඩන්ගේ ශරීරය අයිති කරගන්න (possess කරන්න).

වතුර, මුවන් වගේ දේවල් දැක්කම ඒඩන් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. රේචල්ට තේරෙනවා තමන්ගේ පුතා ඉන්නේ ලොකු අනතුරක කියලා. තමන්ගේම පුතාගේ ඇඟ ඇතුළේ ඉන්න මේ භයානක ආත්මයෙන් පුතාව බේරගන්න රේචල්ට පුළුවන් වෙයිද? ඒකට එයාට සමාරාගේ අඳුරු අතීතයට ආයෙමත් කිමිදෙන්න සිද්ධ වෙනවා.

අධ්‍යක්ෂණය: මේක අධ්‍යක්ෂණය කළේ ජපන් මුල් පිටපත (Ringu) අධ්‍යක්ෂණය කරපු Hideo Nakata විසින්මයි.
ප්‍රධාන නළු නිළියන්:
Naomi Watts (රේචල් කැලර් විදිහට)
David Dorfman (පුතා, ඒඩන් කැලර් විදිහට)
Simon Baker (මැක්ස් රෝක් විදිහට)

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.