Image Not Found

The Secrets We Keep (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාවේ ප්‍රධාන චරිත තුන වටා තමයි මුළු ෆිල්ම් එකම යන්නේ.
නූමි රැපේස් (Noomi Rapace) – මායා (කතාවේ ප්‍රධාන චරිතය)
ජොයෙල් කිනමන් (Joel Kinnaman) – තෝමස් (අසල්වැසියා)
ක්‍රිස් මෙසීනා (Chris Messina) – ලුයිස් (මායාගේ සැමියා)
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ යුවල් ඇඩ්ලර් (Yuval Adler).

හිතන්න, දෙවෙනි ලෝක යුද්ධය ඉවරවෙලා අවුරුදු ගාණකට පස්සේ, ඇමරිකාවේ සාමාන්‍ය විදියට ජීවත් වෙන පවුලක්. මායා (නූමි) කියන්නේ යුද්ධ කාලේදී දරුණු අත්දැකීම්වලට මුහුණ දීපු (Holocaust survivor) කෙනෙක්. එයා දැන් එයාගේ මහත්තයා (ලුයිස්) එක්ක අලුත් ජීවිතයක් පටන් අරන් ඉන්නේ.
ඔහොම ඉන්නකොට, දවසක් මායාට අහම්බෙන් පාරේදී මනුස්සයෙක්ව මුණගැහෙනවා (තෝමස්).

මෙන්න මේ මනුස්සයව දැක්ක ගමන් මායාගේ ඔළුව අවුල් වෙනවා. එයාට එකපාරටම විශ්වාසයි, මේ ඉන්නේ යුද්ධ කාලේ එයාටයි, එයාගේ නංගිටයි, අනිත් අයටයි වද දීපු, කෲර විදිහට හැසිරුණු ඒ නාසි සොල්දාදුවාමයි කියලා.

එයා මොකද කරන්නේ? එයා මේ මනුස්සයව පැහැරගෙන ගිහින්, තමන්ගේ ගෙදරම බිම් මහලේ (basement) කාමරයක දාලා හිර කරනවා. එයාට ඕනේ කොහොමහරි එයා කරපු වැරදි එයා ලවාම පිළිගන්නවන්න.

ප්‍රශ්නේ පටන් ගන්නේ මෙතනින්.
මායාගේ මහත්තයාටත් හිතාගන්න බෑ මේ වෙන්නේ මොකක්ද කියලා. ඇත්තටම මායාට අහුවෙලා ඉන්නේ ඒ අපරාධකාරයාමද? එහෙම නැත්නම්, යුද්ධෙන් එයාට ඇතිවුණ මානසික කම්පනය (PTSD) නිසා, එයා නිරපරාදේ මනුස්සයෙක්ව හිරකරගෙන ඉන්නවද? මොකද අර මනුස්සයා දිගටම කියන්නේ එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.