Image Not Found

The Skeleton Key (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා දන්නවනේ, හොස්පිට්ල් වල වැඩ කරන කැරොලයින් කියන තරුණ නර්ස් කෙනෙක් ඉන්නවා. එයාට ඇතිවෙන කලකිරීම නිසා එයා රස්සාවෙන් අයින් වෙලා, නිව් ඕර්ලියන්ස් වලට පිටින් තියෙන පරණ වතු ගෙදරක අසනීප වුණු වයසක මහත්මයෙක්ව බලාගන්න යනවා.

ඒ ගෙදර ඉන්නේ ඒ මහත්මයා, බෙන් සහ එයාගේ බිරිඳ, වයලට් විතරයි. බෙන්ට කතා කරගන්නවත්, ඇවිදින්නවත් බෑ, අංශභාග වෙලා වගේ. හැබැයි එයාගේ ඇස් වලින් නම් නිතරම කැරොලයින්ට යමක් කියන්න හදන බවක් පේනවා.

වයලට්, ගෙදර හැම දොරක්ම අරින්න පුළුවන් ඇටසැකිලි යතුරක් කැරොලයින්ට දෙනවා. හැබැයි… උඩු මහලේ, අට්ටාලේ තියෙන රහස් කාමරයක දොර අරින්න මේ යතුරටත් බෑ. එතන මොකක්දෝ අභිරහසක් තියෙනවා වගේ කැරොලයින්ට දැනෙනවා.

දවසක් එයා බලෙන්ම මේ කාමරේට ඇතුල් වෙනවා. එතන තිබිලා හම්බවෙන්නේ හූඩූ කියන කළු මැජික් වලට අදාළ බඩු භාණ්ඩ. ඊට පස්සේ කැරොලයින්ට දැනගන්න ලැබෙනවා මේ ගෙදරට අවුරුදු ගාණකට කලින් වුණු දරුණු සිදුවීමක් ගැන. ඒකේ මැජික්, මරණ සහ ශරීර මාරු කිරීම් ගැන කතාවක් කියැවෙනවා.

කැරොලයින්ට සැකයි මේ බෙන්ගේ අසනීපෙටයි, වයලට්ගේ හැසිරීමටයි මේ හූඩූ මැජික් සම්බන්ධ වෙන්න ඇති කියලා.

එයා, බෙන්ව බේරගන්න හදනවා. හැබැයි මේ ගේ ඇතුළේ තියෙන ඇත්ත භයානක රහස එයා හිතුවාට වඩා ගොඩක් දරුණුයි. මේ ගෙදර… කවුරුත්ම හිතන තරම් සරල තැනක් නෙවෙයි. එයාට මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාත් මේ භයානක උගුලේම හිර වෙයිද? ඔන්න ඕකයි කතාව!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.