Image Not Found

The Star (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මෙන්න අහන්නකෝ… මේක අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ කතාවක්. හැබැයි මේ පාර අපි ඒ කතාව දකින්නේ සත්තුන්ගේ ඇස්වලින්!

කතාවේ ප්‍රධාන චරිතය තමයි ‘බෝ’ (Bo) කියන පොඩි බූරුවෙක්. මෙයාට තමන්ගේ මෝලේ කරන නීරස වැඩේ හොඳටම ඇති වෙලා ඉන්නේ. එයාට ඕන මොකක් හරි ‘ලොකු’, වැදගත් වැඩකට සම්බන්ධ වෙන්න.

ඔන්න ඉතින් දවසක් බෝ මෝලෙන් පැනලා යනවා. මේ පැනලා යෑමේදී තමයි එයාට මරියා (Mary) ව මුණගැහෙන්නේ. මරියා කියන්නේ හරිම කරුණාවන්ත, හොඳ කෙනෙක්. එයා බෝව තමන් ගාව තියාගෙන බලාගන්නවා. හැබැයි මරියාටයි, එයාගේ සැමියා ජෝසප්ටයි (Joseph) හදිස්සියේම දුර ගමනක් යන්න වෙනවා… බෙත්ලෙහෙම් නුවරට.

සීන් එක පටන් ගන්නේ මෙතනින්. මේක නිකම්ම නිකම් ගමනක් නෙවෙයි. නපුරු රජ කෙනෙක්ගේ අණකින්, ලොකු දඩයක්කාරයෙකුයි එයාගේ දරුණු බල්ලෝ දෙන්නෙකුයි මරියාව හොයාගෙන පස්සෙන් එනවා. එයාලගේ පරමාර්ථය තමයි මරියාට ලැබෙන්න ඉන්න දරුවා හොයාගන්න එක.

බෝට තේරෙනවා එයා හොයපු ‘ලොකු වැදගත් දේ’ මේක කියලා. එයා තීරණය කරනවා කොහොමහරි මරියාවයි ජෝසප්වයි ආරක්ෂා කරන්න.
ඉතින් බෝ, එයාගේ හොඳම යාළුවා ඩේව් (පරෙවියෙක්) සහ අලුතෙන් හමුවෙන අමුතු බැටළුවෙක් (රූත්) එකතු වෙලා මේ අභියෝගය බාරගන්නවා. ඔටුවෝ තුන්දෙනෙකුත් මේ කතාවට සම්බන්ධ වෙනවා.

මේ පොඩි සත්තු සෙට් එකට පුළුවන් වෙයිද අර භයානක දඩයක්කාරයාගෙන් මරියාවයි ජෝසප්වයි බේරගන්න? ඒ ලොකු තරුව පෑයුවම ඇත්තටම මොකද වෙන්නේ?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.