
The Surrender (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසිv
අම්මයි දුවයි විදියට ඉන්න මෙගන් සහ බාබරාගේ ජීවිත කතාව තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මෙයාලගේ පවුලේ ප්‍රධානියා වෙන තාත්තා, එහෙමත් නැත්නම් බාබරාගේ මහත්තයා, රොබට් අසනීපෙන් ඉන්නේ. ඉතින් මෙයාලා රොබට්ව බලාගන්නේ ලොකු අමාරුවකින්.
ඒත් එකපාරටම රොබට් නැති වෙනවා. මේ සිදුවීමත් එක්ක අම්මයි දුවයි දෙන්නා විවිධ ආකාරයෙන් දුක් වෙනවා. විශේෂයෙන් බාබරාට රොබට්ගේ මරණය දරාගන්න බැරිව යනවා.
බාබරා කරන්නේ ඇයගේ අතේ තියෙන හැම සතයක්ම වියදම් කරලා, අද්භූත චාරිත්‍රයක් කරන්න සූදානම් වෙන එක. ඒ චාරිත්‍රය කරලා ඇයගේ මහත්තයාව ආපහු පණ ගන්වන්න තමයි ඇය උත්සාහ කරන්නේ.
මෙගන් මේකට කිසිසේත්ම කැමති නෑ. ඇය හිතනවා මේ අමුතු චාරිත්‍රය නිකම්ම නිකං පිස්සුවක් කියලා. ඒත් අම්මා තදින්ම මේක කරන්න ඕනේ කියලා හිටගෙන ඉන්න නිසා, මෙගන්ගේ හිතේ ලොකු අර්බුදයක් ඇතිවෙනවා.
ඉතින් මේ චාරිත්‍රය පටන් ගන්නවා. අවසානයේ මොනවා වෙයිද? බාබරාට ඇයගේ මහත්තයාව ආපහු ලැබෙයිද? එහෙමත් නැතිනම් මේක මේ පවුලට ගේන්නේ විස්තර කරන්න බැරි තරම් භයානක තත්ත්වයක්ද?
ඇත්තටම මේක හදලා තියෙන්නේ දුක, පවුල් ප්‍රශ්න සහ අද්භූත දේවල් පදනම් කරගෙන. ඒ නිසා මොන දේ වෙයිද කියලා චිත්‍රපටයේ අවසානයටම බලන්න වෙනවා.
